ජනපතිගේ ඇරැයුමට ඩයස්පෝරාවේ ප‍්‍රතිචාරය

800

අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොටි ඩයස්පෝරාවට ඇරයුම් කර ඇත.

එහෙත් ඩයස්පෝරාව ඊට එකඟ වේද?

බි‍්‍රතාන්‍ය, නෝර්වේ, කැනඩාව, ජර්මනිය, ස්වීඩනය, ඔස්ටේ‍්‍රලියාව, ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ඇමරිකාව යන රටවල්වල ඩයස්පෝරා සංවිධාන 800කට අධික සංඛ්‍යාවක් ඇත.

මේ සංවිධාන පවත්වාගෙන යන්නේ අරමුදල්වලිනි. එසේම කොටි ජාත්‍යන්තර ජාලයේ ඩොලර් මිලියන පහක මුදලක් ස්විස් බැංකුවක ඇත.

ශී‍්‍ර ලංකා රජයට විරෝධතා දැක්වීම, ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ සමාන්තර රැස්වීම් පැවැත්වීම, ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම, වැනි මෙහෙයුම් දියත් කිරීම ඩයස්පෝරාවේ කි‍්‍රයා මාර්ගයයි. එවැනි මෙහෙයුම් නැත්නම් ඩයස්පෝරාවට පැවැත්මක් නැත.

මෙලෙස ජනපතිගේ ඇරයුම මත අභ්‍යන්තර යාන්ත‍්‍රණයකට ඩයස්පෝරාව එකඟ වුවහොත් විදේශ රටවල සිටින කොටි හිතවාදීන් ද යුද අපරාධ චෝදනාවලට අසුවේ.

මේ හැර මානව හිමිකම් කොමසාරිස්වරිය පවසන 120000ක සාක්කිවල ඇත්ත නැත්ත හෙළි කිරීමට ද ඩයස්පෝරාවට සිදුවේ.

ජිනිවා මානව හිමිකම් කොමසාරිස්වරියට ශී‍්‍ර ලංකාවට එරෙහිව සාක්කි සපයා දී ඇති පිරිස මෙසේය.

  1. හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා
  2. හිටපු බී. බී. සී. වාර්තාකාරි ප‍්‍රාන්සස් කාරියන්.
  3. ඇමරිකාවේ ඕක්ලන්ඞ් ආයතනය
  4. තමිල්නාඩුවේ පසුපති තායනම්

මෙම පසුබිම මැද ඩයස්පෝරාවේ පැවැත්ම රඳා පවතින්නේ විදේශ රටවල සිට ඔවුන් ශී‍්‍ර ලංකාවට එරෙහිව දියත් කරන මෙහෙයුම් මතය.

එසේම බොරු වාර්තා ඉදිරිපත් කරමින් ද්‍රවිඩයන්ට දේශපාලන රැුකවරණ ලබා ගැනීමට ද ඩයස්පෝරාව සහාය වේ.

පසුගිය දෙවසර තුළ 1200කට අධික ද්‍රවිඩයන් ස්විට්සර්ලන්ත රජයෙන් දේශපාලන රැකවරණ පතා තිබේ.

මොවුන්ට දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා ලියවිලි සකස් කර දෙන පිරිසක් ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර සිටියි. අප ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති පාද තුනේ පුටුව අසල සිටින විට දේශපාලන සිරකරුවන් යයි හඳුන්වා ගත් දෙදෙනෙක් පති‍්‍රකා බෙදන අයුරු දුටුවෙමු.

මේ දෙදෙනාව ශී‍්‍ර ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ අපි කිසිවිටක දැක නැත. පසුව කළ විමර්ශනයේදී හෙළිවූයේ ඔවුන් විවිධ මාර්ගවලින් ස්විට්සර්ලන්තයට පැමිණ ඇති බවයි.

මෙවැනි අය ස්වීස් නගර කීපයක ද අපට දැකගත හැකියි. මේ කිසිවෙක් රජය හමුදාව පොලිසිය යන ආයතනවල තර්ජනවලට ලක්වූවන් නොවේ. මානව හිමිකම් උල්ලංඝනය වූ බව කියමින් ස්විට්සර්ලන්තයට පැන ගිය මෙම පිරිස ගැන නිසි විමර්ශනයක් කළහොත් ඇත්ත තත්ත්වය හෙළිවනු නියතය.

මෙලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ලක්වූ බව කියන පිරිසගෙන් කීපදෙනෙක් ස්විස් රජය ආපසු මෙරටට එවා ඇත. මෙම පසුබිම මැද ජනපති කළ ඇරයුම ගැන මේ බොරුකාරයන් දැඩි කලබලයට පත් වී සිටියි.

ජනපති පවසන අභ්‍යන්තර යාන්ත‍්‍රණයට ඩයස්පෝරාව බියවී ඇත්තේ ඔවුන් මානව හිමිකම් කොමසාරිස්වරියට යොමු කළ යුද අපරාධ බොරු සාක්කි නිසාය.

මේ ඊට නිදසුන්ය.

  • 2011 දරුස්මාන් වාර්තාව
  • යුද අපරාධ සාක්කිකරුවෝ – 4016

2021 මානව හිමිකම් කවුන්සිලය – යුද අපරාධ සාක්කිකරුවෝ 120000කි

මේ සාක්කිකරුවෝ කවුරුන්ද? ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කර නැත.

සර්බියානු නායක මිලොන්ටික්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් වූයේ සාක්කි 300ක් පමණකි.

එහෙත් ශී‍්‍ර ලංකාවට එරෙහිව සාක්කි 120000ක් ඉදිරිපත් වීම පිළිගත හැකිද?

2011 සිට 2021 දක්වා සාක්කිකරුවන් 80000ක් මතු වූයේ කොහෙන්ද?

එම සාක්කිකරුවන් ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය මෙතෙක් හෙළි කර නැත.

මේ නිසා පැහැදිලි වන්නේ ඇය ඒකපාක්ෂිකව කි‍්‍රයා කරන බවයි. එය තහවුරු වන්නේ ශී‍්‍ර ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන බි‍්‍රතාන්‍යය, ජර්මනිය, කැනඩාව, මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ යන රටවල් යුද අපරාධ සිදු කර ඇතත් ඇය ඒ ගැන කිසිදු පියවරක් ගෙන නැත.

මෙම යුද අපරාධ සිදු කළ රටවල් මානව හිමිකම් කවුන්සිලයට පත් වී තිබේ.

මෙවන් පසුබිමක් මැද මානව හිමිකම් කවුන්සිලය කෙරේ විශ්වාසය තැබිය හැකිද?

එසේම ඩයස්පෝරාවට සාකච්ඡුාවක් සඳහා ජනපති කළ ඇරයුම ගැන උතුරු මහ ඇමැතිව සිටි විග්නේශ්වරන්, ආනන්දි සසිදරන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු ද්‍රවිඩ සන්ධාන නායකයන් නිහ`ඩව ඇත.

ඒත් ඒ ගැන කරුණු දක්වා ඇත්තේ සුමන්තිරන් සහ සුරෙන් රාගවන් පමණකි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment