ජනපතිගේ කතාවට ඡන්ද විමසුම අද

89

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ කටයුත්ත සඳහා අනුමැතිය ලබා ගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (26දා) පෙරවරුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද (28 දා) සවස පාර්ලිමේන්තුවේදී සිදු කෙරේ.

එම අරමුදලෙන් ණය ලබා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම මෙහි අරමුණ වෙයි. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එහිදී පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකර ඡන්දය දීමෙන් වැළකී සිටීම හෝ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ඇතැයි පැවසෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment