ජනපතිගේ නිවසට ගිනි තැබුවැයි කෝට්ටේ හිටපු විපක්‍ෂ නායක රිමාන්ඩ්

186

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අප්‍රේල් 4 වැනිදා දක්වා රක්ෂිත

බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28දා) නියෝග කළේය.

ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකපිට කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.


advertistmentadvertistment