ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්දා මහතා නායකත්වය දරන ඊ.පී.ඩී.පී. සංවිධානය තීරණය කර ඇත.
ඒ පිළිබඳව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා කළ බව ඊ. පී. ඩී.පී. මාධ්‍ය ලේකම් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නෙල්සන් එදිරිසිංහ මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.
මෙහිදී අතරමග නතර කර ඇති උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී නැවැතී ඇති එම සංවර්ධන කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ඔහු කීවේය.
මෙහිදී ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු සහ ඒ සම්බන්ධව සිදු කරගෙන ගිය අණපනත් හා නැවතී ඇති වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගෙන ඇත.
අරුණ බෝගහවත්ත