ජනපතිට බාලි නුවරදී මහත් හරසර…..

89

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18දා) බාලි නගරයේ ගුස්ටි නුරා රායි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් (Gusti Ngurah /Rai International Airport) එරටට ළඟාවිය.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Jiko Widodo) මහතාගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්ව සිටින අතර එරට ගුවන් තොටුපළේදී ඉන්දුනීසියානු ජනරජයේ බලශක්ති හා ඛනිජ සම්පත් අමාත්‍ය අරිෆින් තස්රිෆ් (Arifin Tasrif) ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබිංග් (Devi Gustina Tobing) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස විසින් ජනාධිපතිවරයාව හරසරින් පිළිගනු ලැබීය.

හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර සාම්ප්‍රදායික බාලි නර්තන ශිල්පීන්ගේ නර්තනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමූහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේදී පැවැත්වෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වැනිදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ”Starlink”සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ද මීට සමගාමීව ඊයේ (19දා) සිදුවිය.

ගෝලීය ”Starkink” ජාලය සමග ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව එහිදී අවධාරණය කෙරිණි.

දේශගුණික විපයර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment