ජනපතිවරණයට මුදල් ගැටලුවක් නෑ – මැ.කො. ඉල්ලන වෙලාවටම මුදල් දීමට ලෑස්තියි

36

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරන ඇස්තමේන්තු සඳහා ඒ ඒ අවස්ථාවේදී අවශ්‍ය මුදල් ලබාදීමට සූදානමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

තවමත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ වියදම් ඇස්තමේන්තුව රු. බිලියන 10 සීමාව ඉක්මවා ගොස් නැති බවද ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන ඇස්තමේන්තු සඳහා මුදල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය පූර්ව සූදානමකින් පසුවන බවද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

ජනාධිපතිවරණය සඳහා මෙතෙක් වෙන් කළ රු. බිලියන 10ක මුදලින් මෙතෙක් ලබාදුන් ඇස්තමේන්තුවලට අනුව මුදල් වෙන් කිරීමෙන් පසුව තවත් සුළු මුදලක් ඉතුරුව පවතින බවත් ඇතැම් වියදම් සඳහා වහාම මුදල් ලබාදීම අවශ්‍ය නොවන බැවින් මුදල් අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment