මේෂ, කටක, තුලා, මකර ලග්නවලට මාලවී යෝගය උදාකරමින් සිකුරු තුලා රාශිගත වෙයි
වාසනාවන්ත ලස්සන දරුවන් උපත්
ලග්න රැසකට ප්‍රබල මංගල යෝග උදාවෙයි
වෙළඳාම් ව්‍යාපාර දියුණුව
වර්ෂ 2024 සැප්තැම්බර් 18 බදාදා දින සවස 2.01ට සිකුරු ග්‍රහයා තුලා රාශිගත වන අතර ඔක්තෝබර් 13 දින දක්වා සිකුරු තුලා රාශියේ ගමන් කරයි.
කාල බලයෙන්ද බලවත්ව සිකුරු තම මූල ත්‍රිකෝණ හා ස්වක්ෂේත්‍රව බලවත් වී මාලවී නම් පංචමහා පුරුෂ යෝග බලයද උදාකරමින්, ලග්න රැසකට ප්‍රබල මංගල යෝග උදාකරමින් ද මහා ධන බලයද උදාකරමින් තම බලය පතුරුවාලන අතර, හොඳ කලා නිර්මාණ බිහිවෙන කාලයක් උදාවෙයි.
කාන්තාවන්, තරුණියන් ස්වාභාවිකව ලස්සන වන කාලයකි.
දියුණු වෙන්න උත්සාහවන්ත වන, වෙළඳාම් ව්‍යාපාර කරන කාන්තා හා පිරිමි කාහටත් දියුණුවට, වාසනාවට සුභයි.
සිකුරු ග්‍රහයා තුලා රාශියේ දී ගුණවන්ත වේ. ආලය, ආදරය පිළිබඳ කටයුතුවලදී පිරිසිදු බව, සත්‍ය බව, ගුණධර්ම රකින යහපත් ගතිගුණ ඇතිවෙයි. ආගම දහමට ළැදි හොඳ ධර්මානුකූල ජීවිත ගත කිරීමට උත්සාහවන්ත වෙයි.
හොඳ යහපත් ගෞරවාන්විත විවාහයක් වෙයි. විවාහ ජීවිතයද ශ්‍රද්ධාවන්තව ගත කිරීමට උත්සාහ ගනියි. ආදර සම්බන්ධතා පවා සත්‍ය බව අගයමින් හොඳ ප්‍රේමවන්තයන් ලෙස ආදර බැඳීම් පවත්වයි.
හිතවත් යාළු මිතුරන් ඇසුරු කිරීම් වලදී ද හොඳ මිතුරන් ලෙස කටයුතු කරයි.
මේ හොඳ ගති සියල්ල දුර්වල වන්නේ සිකුරුට අශුභ ග්‍රහ දෘෂ්ටි හා පාපග්‍රහයන්ගේ සංයෝගවීම, අශුභ තත්ත්ව බලපාන අවස්ථා ඔබගේ කේන්ද්‍රයට අනුව තිබීම මතයි.
මේෂ ලග්නය :
මේෂ ලග්නයේ ඔබට ප්‍රබල මංගල යෝගයක් උදාවෙයි. හිතවත් මිතුරු ඇසුර ලැබේ. තමාද හිත සතුටින් ඉන්නට බලයි. ශරීරය පවා ස්වභාවික ලෙස ලස්සනවීමට ඇත.
කලා, සංගීත නිර්මාණවල හවුලේ කටයුතු කරන අයට ශුභ වේ. ධන බලයක් ද උදාවෙයි. නොදුන් ණය ලබාගැනීමට හෝ මුදල් ලබාගැනීම් වලටත් ශුභයි. ඉගෙන ගන්නා අයටද ශුභයි. බුධ හා රාහුගේ දශා ඇති අයට විදේශගත වීම්වලට ශුභයි. බුධ හා ගුරු දශා ඇති අයට විදේශගතව ඉගෙන ගන්නටත් ශුභයි. කේතු දශා ඇති අයට අපල ඇත. රෝගී වීම් ඇත. ආමාශගත රෝග මතුවේ. ප්‍රේත දෝෂ එයි.
වෘෂභ ලග්නය :
වෘෂභ ලග්න ඔබට දියුණුවට ශුභ වේ. ඉගෙනීමට හෝ දියුණුව සඳහා විදේශගත වීම් වලට ශුභයි. වියදම් තරමක් අධික වෙයි. විභාග ජය ඇත. වෙළඳාම් ව්‍යාපාර කරන අයටත් ශුභයි. නව හිතමිතුරුකම් ඇතිවේ. දුරගමන්, වන්දනා ගමන් යෑමට සිත් පහළ වෙයි. සතුරු උපද්‍රව පරාජය කර ජය අත්කර ගැනීමට හැකි බලයක් උදාවෙයි. වෙනදාට වඩා ඉවසීමෙන් යුතුව කටයුතු කරයි. මල් වැවීම, රෙදි සම්බන්ධව, විසිතුරු මසුන් සම්බන්ධව හා රූපලාවණ්‍ය කටයුතු කරන අයට ශුභ වෙයි. බුධ, සිකුරු හා රාහු දශා ඇති අයට ශුභයි. රවි හා බ්‍රහස්පති දශා ඇති අයට මධ්‍යස්ථයි. කේතු දශාව ඇති අයට අගුණයි. ආමාශ ගත රෝග, ස්නායු දුර්වලතා මතුවීමට ඉඩ ඇත.
මිථුන ලග්නය :
මිථුන ලග්නයේ ඔබට ඉගෙනීමට ශුභයි. විiා, තාක්ෂණික, පරිගණක, ඉංජිනේරු වැනි දැනීම ලබන අයට ඉගෙනීම ශුභ වෙයි. විදේශ ගතව ඉගෙන ගන්නටත් ශුභයි. මංගල යෝග බලාපෙරොත්තු අයට මංගල යෝග උදාවෙයි. ප්‍රේම සම්බන්ධතා ඇතිවෙයි. ඔබගේ දේව විශ්වාසය අඩු වුවත් බුදුගුණ පිළිගන්නා බැවින් විෂ්ණු දෙවියන්ට, පත්තිනි මෑණියන්ට වදින අයට ශුභ වෙයි. වෙළඳාම්වලටත් යහපත් වෙයි. සිකුරු, සඳු දශා ඇති අයට දියුණුවට ශුභ වෙයි. බුෂ දශාව ඇති අයට ඉගෙනීමේ බලයට ශුභයි. රෝග ලෙස දෙපාවල රිදීම් හා ඔළුවේ කැක්කුම් ඇතිවිය හැක. කේතු, කුජ, රාහු දශා ඇති අයට කරදර මතුවෙයි.
කටක ලග්නය :
කටක ලග්න ඔබ ගෙදර දියුණුවට වෙනදාට වඩා කටයුතු කරයි. ගෙදර ලස්සන කිරීමට වටිනා දේ ගේන්නට බලයි. සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකයෙන් දුක් විඳින ඔබට යම් සහන කාලයක් උදාවෙයි. ප්‍රබල විදේශගතවීම් ඇත. ඉගෙනීමට පවා ශුභයි. ධන බලය උදාකරයි. සමහර දේ හවුල්ව කරන්නට යෑමෙන් දුකට පත්වේ. තමා තනිවම කරන යමක් කරන්න යහපත් වෙයි. සඳු හා රාහු දශා ඇති අයට විදේශගතවීම් වලට ශුභවෙයි. සිකුරු දශා ඇති අයට වරින්වර හිත කලකිරීම් ඇතිවේ. බුධගේ දශා ඇති අයට ඉගෙනීම ශුභවේ. රෝග ලෙස වරින් වර සෙම් රෝග මතුවෙයි. තුනටියේ රිදීම් හා දෙපාවල වේදනා එයි.
සිංහ ලග්නය :
සිංහ ලග්න ඔබට බුද්ධිමත්ව කරන යහපත් දේ ශුභයි. ඉගෙනීමේ බලය ඇති වෙයි. උගන්වන අයටත් ශුභවෙයි. නරක නාමයක් ද ඒමට ඇත. ඉතාම කල්පනාවෙන් වැඩකළ යුතුයි. ගැඹුරු ජලයේ බැස නෑම හොඳ නැත. මෙම දිනවල වතුරින් අගුණය. 18, 19 හා 21 දිනවල සෙම් රෝග මතුවෙයි. හිතවත් යාළු මිතුරු සබඳතාවන්ට බාධා, හිත් රිදීම් මතුවෙයි. රාහු, සඳු, කේතු ගේ දශා ඇති අයට අගුණ මතුවෙයි. සිකුරු දශා ඇති අයට මංගල යෝග උදාවෙයි. රෝග ලෙස මුත්‍රා ආබාධ හා තුනටියේ රිදීම් ඇතිවිය හැක. ඇස්වල දෝෂ හා උගුරේ රිදීම් හටගැනීමට ඉඩ ඇත.
කන්‍යා ලග්නය :
කන්‍යා ලග්න ඔබට, ඉගෙනීමේ කටයුතුවලට ශුභයි. විදේශගත වන්දනා ගමන් හා විදේශගතවීම් වලට ශුභයි. ධන බලය වැඩිවෙයි. මුදල් ලැබීම් ඇත. ප්‍රේම සම්බන්ධතාවන්ටත් යහපත් වෙයි. හරවත් කතාවක් මතුවෙයි. කතාවේ බලය උදාවෙයි. රැවටීමට හා හොඳ හිත නිසා මුළාවීමට ඇත. මුදල් නාස්තිවීම් ඇතත් ලැබීමට ශුභයි. ස්ත්‍රී පක්ෂයේ උදව් ඇතිවේ. සිකුරුගේ දශාව ඇති අයට බොහෝ ශුභයි. රවි හා සෙනසුරු දශා ඇති අයට මධ්‍යස්ථයි. බුධ දශා ඇති අයට ඉගෙනීමේ බලය උදාවෙයි. කේතු හා රාහු දශා ඇති අයට සතුරු කරදර හා බාධක මතුවෙයි.
තුලා ලග්නය :
තුලා ලග්න ඔබට පංච මහා පුරුෂ යෝගයක් වන මාලවී යෝගය උදාවෙයි. ප්‍රබල මංගල යෝග කාලයක් හා හිතවත් යාළු මිතුරු සබඳතා ඇති වෙයි. ධනය ලැබීමටද ශුභයි. ප්‍රබල විදේශ ගතවීම් පවා ඇත. ඉගෙන ගන්නා අයට ශුභයි. විදේශවල ඉගෙන ගන්නා අයටත් ශුභයි. වන්දනා ගමන්, විනෝද චාරිකා වැනි දේවලින් සතුට ඇතිවන කාලයකි. ධන බලයක් ද උදාවෙයි. සිකුරු දශාව ඇති අයට වඩා ශුභයි. බුධ දශා ඇති අයට ඉගෙනීමට හා විදේශ ගතවීම් වලට ශුභයි. කේතු, රවි හා බ්‍රහස්පති දශා ගතකරන අයට බාධා කරදර මතුවෙයි. රෝග ලෙස මුත්‍රා ආබාධ හා තුනටියේ රිදීම් හටගැනීමට ඉඩ ඇත.
වෘශ්චික ලග්නය :
වෘශ්චික ලග්නයේ ඔබට මේ දිනවලට අනුව තරමක් බාධා මතුවෙයි. හිතට දුක, කලකිරීම් හා පාඩු අලාභ වීමට ඇත. නමුත් ඉගෙන ගන්නා අයට ශුභයි. ගණිත, විiා අංශවලින් ජය ඇත. විදේශගත වීම් පවා ඇත. සිකුරු, රවි දශා ඇති අයට ශුභයි. බුධ දශාව ඇති අයට මධ්‍යස්ථයි. අගුණ ද ඇත. අඟහරු දශා ඇති අයට කරදර බාධා ඇත. රෝග ලෙස තුනටියේ රිදීම් හා මුත්‍රාවල ආසාදන මතු වීමට ඇත. පවතින දෝෂවලට කතරගම හා විෂ්ණු දෙවිවරුන්ට මල් පහන් පූජා කර පිං දෙන්න.
ධනු ලග්නය :
ඉගෙනීමේ බලය සහ විදේශගතව ඉගෙනීමේ බලය ඇත. ගණිත, විiා හා නීති අංශයේ ඉගෙන ගන්නා අයට ශුභයි. කලා නිර්මාණ, මැහුම් රෙදි සම්බන්ධව කටයුතු කරන අයට ශුභයි. ධන බලය උදාවේ. රූපලාවන්‍ය කටයුතුවල නියතු අයට ද ශුභයි. ගෙදර ප්‍රශ්න මතුවීමට ඉඩ ඇත. සඳු හා රාහු දශා ඇති අයට ගෙදර ප්‍රශ්න කරදර හිතට දුක් පීඩා දැනේ. කේතු දශාව ඇති අයට රැකියාවේ කරදර මතුවෙයි. සිකුරු දශා ඇති අයට මංගල යෝග උදාවේ. ප්‍රේම සම්බන්ධතා ඇතිවෙයි. නීතියට, සාධාරණයට වැඩ කරන කාලයකි. සෙනසුරු දශා ඇති අයට මධ්‍යස්ථ ඵල උදාවෙයි. රෝග ලෙස පපුවේ වේදනා ඇතිවීමට ඉඩ ඇත. දෙපාවල රිදීම් මතුවිය හැක.
මකර ලග්නය :
මකර ලග්නයේ ඔබට මෙම ග්‍රහ තත්ත්වය ශුභවෙයි. නව රැකියාලාභ ලැබීම්, රැකියාවේ උසස් තත්ත්ව ලැබීම් හා රැකියාවේ තිබුණ බාධා බොහෝ දුරට ඉවත් වේ. නමුත් වියදම් අධික වෙයි. මුදල් නාස්තිවීමට ඇත. ඉගෙනීමටත් ශුභයි. කලා නිර්මාණ කරන අයට ශුභයි. වෙළඳාම් ව්‍යාපාරවලටත් යහපත් වේ. වාහන මිලදී ගැනීමට ශුභ කාලයකි. අලුතින් වෙළෙඳාම් පටන් ගන්නටත් ශුභයි. බොහෝ ශුභඵල උදාවෙයි. සිකුරු දශා ඇති අයට ශුභයි. රාහු හා සෙනසුරු දශා ඇති අයට මධ්‍යස්ථයි. රවි හා බුධ දශා ඇති අයට බාධා කරදර මතුවීමට ඉඩ ඇත. රෝග ලෙස බඩේ උෂ්ණ රෝග මතුවේ. මුත්‍රාවල ආසාධන හා තුනටියේ ආබාධ ඇතිවිය හැක.
කුම්භ ලග්නය :
කුම්භ ලග්නයේ උපන් ඔබට හිතට සතුට ඇතිවේ. ප්‍රබල මංගල යෝග උදාවෙයි. බාධා කරදර මතුවෙයි. ඉගෙන ගන්නා අයට ශුභයි. ප්‍රබල විදේශගතවීම් පවා ඇත. පිං කරන අයට ගුණ අධිකව ලැබේ. ධන බලය උදාවෙයි. ගණිත, විiා, කාර්මික, ඉංජිනේරු අංශවල ඉගෙන ගන්නා අයට ශුභයි. නමුත් නිශ්ඵල ගමන් යෙදේ. දුර ගමන් යෙදීමට ඇත. වහා කේන්ති යන බවක් ආවත් හිත හොඳ ගුණවන්ත බවක් ද ඇත. සෙනසුරු, රවි හා බුධ දශා ඇති අයට ශුභයි. සිකුරු දශා ඇති අයට මධ්‍යස්ථයි. කේතු හා රාහු දශා ඇති අයට හිතට දුක්පීඩා ඇතිවෙයි.
මීන ලග්නය :
මීන ලග්නයේ උපන් ඔබට සිකුරු, තුලා රාශිගතවීම එතරම් ශුභ නැති වුවත් වෙනත් ග්‍රහයන්ගේ බලපෑම මත යහපත් වනු ඇත. ඉගෙනීමේ බලය, විදේශගතව ඉගෙනීමේ වාසනාව, විභාග ජය ඇත. පවුලේ සාමයට බාධාවීම් ඇත. නිතරම ඔළුවේ කරකැවිල්ල, තෝන්තු බව සහ බඩේ උෂ්ණ බවද මතුවෙයි. ඔබට සමඵල තත්ත්වයක් උදාවෙයි. නව රැකියා ලැබීමට ද යහපත් වෙයි. කේතු, සිකුරු හා රාහුගේ දශා ඇති අයට අගුණයි. කරදර ඇත. බ්‍රහස්පති, රවි හා බුධ දශා ඇති අයට යහපත් වෙයි.
සිකුරු ග්‍රහයාගෙන් ඇතිවන අපල දෝෂ සඳහා බෝධියට කහ මල් වට්ටි 3ක් පූජා කරන්න. පත්තිනි මෑණියන්ට කහ මල් වට්ටි 3ක් පූජා කරන්න. තල තෙල් පහන් 3ක් දල්වා පිං දෙන්න. ඇළදොළ, ගඟේ ඉන්නා මාළුන්ට බත් හා පොරි කෑමට දෙන්න. විෂ්ණු, කතරගම දෙවියන්ට මල් පහන් පූජා කර පිං දෙන්න.
ප්‍රවීණ ජෝතිෂ වේදී
ජ්‍යොතිෂ ගෞරව සම්මාණ ලාභි-පානදුර – මාලමුල්ල.
නිහාල් හේවාබටගොඩගේ
077 418 1943