නියඟයෙන් දිස්ත්‍රික්ක 15 ක ජනතාව අසරණයි
කෝටි 10000 ක රත්රන් බඩුත් උකස් තියලා
විපක්ෂ නායක දොඩම්ගස්ලන්දේ දී කියයි
අප රටේ ආගම් අතර ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින බවත් විවිධ භූගෝලීය බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජාතිය ආගම ගැන කතා කරමින් මෙම ආරවුල් නිර්මාණය කරන්නේ දේශපාලනඥයන් බවත් ඔවුන් ඒ තුළින් ඡන්දය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඔවුන් ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ට 13 ට කැමැති හා අකමැති බව පවසන බවටත් ජනාධිපති සිහින තිබෙන මේ පිරිස් මේ ජාතීන් අතර ආගම් අතර ආරවුල් සිදුකරන බවත් ඔවුන් 2019 සිදුකළා මෙන් නැවත වරක් ජනතාව ඇන්දවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දොඩම්ගස්ලන්ද මාලිගාතැන්න ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථාන චෛත්‍ය විවෘත කිරීම අවස්ථාවට එක්වෙමිනි.
රටේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය, ශක්ති සම්පන්න භාවය, ජාතික පෞරුෂත්වය, අපේ කම රටේ කම ශ්‍රී ලාංකිකත්වය රැකෙන්නේ ආගම් අතර ජාතීන් අතර සංහිඳියාව හා එකමුතුභාවය තිබුණහොත් පමණක් බවත් ඒ නිසා සමගි ජනබලවේගය කිසිදු අවස්ථාවක ජාති ආගම් කුල ගැටුම් ඇති වන ආකාරයට කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවැසීය.
එමෙන්ම ජනාධිපති අගමැති මැති ඇමැතිකම්වලට ඇති කෑදර කම නිසා සමහර පුද්ගලයන් රට කෑලි කෑලිවලට බෙදන බවත් එය දේශප්‍රේමීත්වය නොවන බවත් ජාති භේදය ආගම් භේදය අවුස්සා බොරු කියා බලය ලබාගත් පුද්ගලයා පසුගිය කාලයේ ජනතාව විසින්ම එලවා දැමූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා අනුගමනය කරන්නේ උගත් බුද්ධිමත් පුද්ගලයන් ඇසුරු කරමින් මේ රට ගොඩනැඟීමට දායකකර ගැනීම බව එසේම රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීමට පාර්ලිමේන්තුවට යන විට පාර්ලිමේන්තුවේ සිටින මෝඩයන් පිරිසක් පරුෂ වචන කියමින් එම කතාවලට බාධා කරමින් ජනතාවගේ ප්‍රශ්න යට ගසන බවත් එහෙත් පේරාදෙණිය විශ්වවිiාලයේ ආර්ථික විiාව පිළිබඳ මහාචාර්යවරයකු වන වසන්ත අතුකෝරළ මහතාගේ පර්යේෂණයකට අනුව දිස්ත්‍රික්ක 15 ක මේ රටේ ජනතාව ජල හිඟය නිසා බරපතළ ගැටලුවලට මුහුණදී ඇති බවත් ඒ නිසා එම ජනතාව රුපියල් කෝටි 10000 කට වැඩි රත්රන් ආභරණ උකස් කර ඇති බවත් වගා හානි නිසා අක්කර 60000 ක් විනාශ වී ඇති බවත් ඒ නිසා රුපියල් කෝටි 68729 ක රත්රන් ස්වර්ණාභරණ සම්පත් ආදිය උකස් කර ඇති බවත් මේ ගැටලුවලට ආණ්ඩුවට විසඳුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
මෙවැනි ගැටලු තිබියදී ජනාධිපතිවරයා ප්රමුඛ රජය ඡන්ද කල්දැමීම හා තමන් සුරක්ෂිත වීමට සැලසුම් සකස් කරමින් දේශපාලන සූදුවක නිරත වන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.