වර්තමාන මුදල් ඇමැතිතුමා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවත්, ඔහුගේ අත්සන සහිත මුදල් නෝට්ටුවක් කොහෙවත් නිකුත් වී නැති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා පැවසීය.
‘අපිත් ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න. ඒත් තාම නං එහෙම එකක් නිකුත් වෙලා නැහැ’ යැයිද ඇමැතිවරයා කියා සිටියේය.
මහ බැංකුව විසින් අලුතින් මුදල් මුද්‍රණය කර ඇති බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා ගැන ජනමාධ්‍ය විසින් ඊයේ (29දා) කැබිනට් මාධ්‍ය හමුවේදී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති විජිත හේරත් මහතා මේ බව කීවේය.
මේ අනුව මහ බැංකුව විසින් අලුතින් මුදල් අච්චු ගසා නැති බව ප්‍රකාශ කළ ඇමැති විජිත හේරත් මහතා කීවේ එසේ කිරීම ද කළ නොහැකි බවයි.
අලුතින් මුදල් අච්චු ගසා ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා තවදුරටත් කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත