ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්රචාරක කටයුතු සඳහා ගුවන් යානා සපයා දී ඇත්තේ සම්මත ක්‍රියාපටිපාටිවලට අනුකූලව, ගෙවීම් පදනම මත පමණක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අවභාවිතා කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ගුවන් හමුදාව මේ බව සඳහන් කර තිබේ.
ඉහළ පෙළේ ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනකු මේ වනවිට ගුවන් හමුදා ගුවන් යානා භාවිත කර ඇති නමුත් එය සිදුකර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට ගෙවීම් කිරීමෙන් අනතුරුව බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සුජීව තත්සර