ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවය. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාම සිය වියදම් වාර්තා ඉදිරිපත් කර තිබේ.පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා එම වාර්තා මහජනතාවට පරීක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.