තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව කටයුතු කිරීම වැළැක්වූ බවට අසත්‍ය ප්‍රකාශයක් කර ඇති ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතාට සහ එම මාධ්‍ය සාකච්ඡාව මෙහෙය වූ මාධ්‍යවේදියාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 12දා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මියගේ උපදෙස් මත ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කොට අධිකරණය හමුවට කැඳවා චෝදනා ගොනු කිරීමට නියෝගයක් නිකුත් කරනා ලෙසත් හෙතෙම ඉල්ලා තිබිණි. නීතිඥ දසුන් නාගස්හේන හා නීතිඥ ශාන් රණසූරිය යන මහත්වරු පෙත්සම අධිකරණයට ගොනු කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක