ජනපති අයවැයෙන් මවන මිථ්‍යාව හෙට අනිද්දා ජනතාවට තේරෙයි

52

ජනාධිපතිවරයා අයවැය තුළින් මවාපාන ලෝකය මිථ්‍යාවක් බව හෙට අනිද්දා වන විට තහවුරු වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (13 වැනිදා) ‘දිවයින’ට සඳහන් කළේය.

රාජ්‍ය වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කර නැති බවත්, එම වියදම් පියවා ගන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් බවත් කී හෙතෙම වැට් බද්ද වැඩි වෙද්දී විදුලි බිල, ඉන්ධන මිල, ජල බිල ඇතුළු සියලු බිල් වැඩි වී ජීවන වියදම ඉහළ යද්දී ජනතාවට තරු විසි නොවුණොත් තමයි පුදුමය යැයි ද කීවේය.

හඳෙන් හෝ සහල් ගෙනෙන බවට එදා දේශපාලන නායකයන් ජනතාවට ලබා දුන් සිහින පොරොන්දු ජනාධිපතිවරයාගේ මෙවර අයවැයේද නොඅඩුව ඇති බවත් මෙය හුදෙක් බංකොළොත් ප්‍රකාශයක් බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment