ජනපති අස්වුණොත් සීමිත දිනකට ජනපති රනිල්

432

ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (13 දා) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව නිල බලයෙන් වැඩබලන ජනාධිපති ලෙස පත්වීමට නියමිතය.

එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී නව ජනපතිවරයා තෝරා පත් කරගන්නා තෙක් ඉතා සීමිත කාලසීමාවක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලෙස කටයුතු කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ඉවත් වුවහොත් ජනාධිපති ධුරයට ව්‍යවස්ථානුකූලව කථානායකවරයා පවත්වනු ඇත.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment