ජනපති එනදාට පමණක් හැමෝම එනවා: ප‍්‍රශ්නවලට උත්තර දෙන්න ඉදිරිපෙළ ඇමැතිවරුන් නෑ – කථානායක

107

ප‍්‍රශ්න ඇතිවූ විට සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්‍ෂයේ ඉදිරිපෙළ ආසනවල ඇමැතිවරුන් කිසිවකු නොමැති නිසා ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (30දා* පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්‍ෂ සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිතුමා පැමිණෙන දිනට පමණක් සියලූ ඇමැතිවරුන් පැමිණ සිටින බවද කථානායකවරයා සඳහන් කළේය. ආණ්ඩු පක්‍ෂ සංවිධායකතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි ඉදිරිපෙළ ආසනවල ඇමැතිවරුන් කවුරුවත් නැහැ. එය කණගාටුදායක තත්ත්වයක්.

ප‍්‍රශ්නයක් ඇතිවූ විට උත්තර දෙන්න සභාවේ සියලූ දෙනාම බැඳීසිටිය යුතුයි. ඒ ගැන අවධානය යොමු කරන්න.

ජනාධිපතිතුමා එනදාට සියලූ ඇමැතිවරු ඉන්නවා. ජනාධිපතිතුමාටත් දිනපතා පාර්ලිමේන්තු රැුස්වීම්වලට පැමිණෙන හැටියට අපිට කියන්න සිද්ධ වෙනවා. කරුණාකර කවුරුත් සාමූහික වගකීමෙන් ඉවත් වෙන්නේ නැතිව වගකීම ඉෂ්ට කරනවා නම් හොඳ යැයි කථානායකවරයා කියා සිටියේය.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment