ජනපති ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී

181

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) උදෑසන ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය. පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. ජනාධිපතිවරයා ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි ජනතාව සම`ග කතාබහ කරමින් තොරතුරු විමසා බැලීය.

ජනපති ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී
advertistmentadvertistment
advertistmentadvertistment