ජනපති කෙරවලපිටියේ ලිට්‍රෝ ගෑස් පර්යන්තය නිරීක්ෂණය කරයි

145

කෙරවලපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තය ඊයේ (13දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

පර්යන්තයේ ප‍්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිවරයා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැුගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක‍්‍රියාවලිය විමසා බැලීය.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණය සඳහා ආයතනයක් පිහිටුවීම මේ වසර තුළ සිදු කරන බව මෙහිදී ලිට්‍රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය. ගෑස් ගබඩා ටැංකි පරිශ‍්‍රය සහ පිරවුම් අංගණය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ආයතනයේ සේවක පිරිස සමග සාකච්ඡුා කරමින් තොරතුරු විමසා බැලීය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment