ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (22දා) පස්වරුවේ මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.ඉන් පසු ජනාධිපතිවරයා අයෝමා රාජපක්ෂ මහත්මියද සමග මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට අවසන් මහා රන්දෝලි පෙරහර නැරඹීමට එක්විය.
