ජනපති පුටින් නව ආරක්‍ෂක ඇමැතිවරයකු පත් කරයි

147

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් එරට නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස 65 හැවිරිදි ඇන්ඩ්‍රයි බෙලොසෝව් පත්කර තිබේ. රුසියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයකු ද වන ඔහු ආර්ථික විශේෂඥයෙකි. 2012 වසරේ සිට ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු ජනපති පුටින්ගේ සමීපතමයකු ලෙස කටයුතු කළේය. ආරක්ෂක ඇමැති ධුරයෙන් ඉවත් කළ සර්ජී ෂොයිගු රුසියන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට ද ජනාධිපති පුටින් පියවර ගෙන ඇත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment