ජනපති මැතිසබයට එයි ප්‍රශ්නයකට උත්තරත් දෙයි

275

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (31) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගැබට පැමිණ අතුරු අයවැය විවාදයට සම්බන්ධ විය.

ඒ මහතා ඊයේ සබාගැබට පැමිණෙන විට සමගි ජන බලවේගය මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අදහස් දක්වමින් සිටියේය.

එහිදී ජනාධිපතිවරයා රෝහණ බණ්ඩාර මහතා පළ කළ අදහසකට ද පිළිතුරු දුන්නේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මිලියන 400ක්වත් රුපියල් 04ක්වත් වියදම් කරලා නෑ. අපට යුතුකමක් තිබෙනවා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් මුදල් වෙන් කරලා ඒ අයව බලාගන්න.

පසුව මද වේලාවකට පසුව ජනාධිපතිවරයා සභා ගැබෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ පිහිටි සිය කාර්යාලය වෙත ගියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment