ජනපති රනිල් ඉන්දුනීසියාවේදී ඊලෝන් මස්ක් හමුවෙයි

202

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතකු වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ඊයේ (19දා) හමුවී ඇත.

එහිදී ශ්‍රී ලංකාව තුළ ස්ටාර් ලින්ක් (Starlink) ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ.

ගෝලීය ස්ටාර් ලින්ක් ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment