ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බත්තරමුල්ලල කොස්වත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්රධාන කාර්යාලයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය .එහිදී ජනාධිපතිවරයා එහි නිලධාරීන් හා සේවකයින් හමුවී විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස උපදෙස් දුන්නේය.
විගමනික ශ්රමිකයන් රැකියාවට අදාළ නිපුණතාවක් සහිත වීමෙන් ඉහළ වැටුපකට සහ රැකියාවේ සුරක්ෂිතභාවයට හේතු වන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
|