ජනපති වෙනුවෙන් විදේශ ලේකම් ඇමැතූ ජගත් සමුළුව

13285

ශ්‍රී ලාංකික ජන ජීවිතයට බලපාන ගෝලීය තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි කොටස්කරුවෙකු වීමට BRICS සමුළුව අවස්ථාවක් ලෙස සලකන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සදහන් කරයි . රුසියාවේ කසාන් නුවර පැවති BRICS සමුළුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරමින් ඇය සහභාගී වූවාය.රුසියානු ජනාධිපති වැලැද්මියර් පුටින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 22 ආරම්භ වූ සමුළුව 24 වැනිදා දක්වා පැවති අතර 24 වැනිදා සමුළුව අමතමින් ඇය මේ බව සඳහන් කළාය. කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවල ශ්‍රී ලංකාවේ දායකත්වය, සියලුම රාජ්‍යයන් සමඟ අපගේ මිත්‍ර සබඳතා, පුද්ගලික අංශය ඇතුළුව වෙළඳාම, සංචාරක, ආයෝජන සහ ආර්ථික කටයුතු සඳහා අපගේ විවෘතභාවය, සමුද්‍රීය, ගුවන් සහ ඩිජිටල් යටිතල පහසුකම් වුවද ලෝකය සමඟ අපගේ සම්බන්ධතාව සහ සියල්ලටම වඩා අපගේ ඉදිරි පරම්පරාවන් සඳහා සාධාරණ සහ තිරසාර අනාගතයක් ලබා දීමට දැඩි කැපවීම, BRICS ඉදිරි දැක්මෙහි සාධනීය හවුල්කරුවෙකු වීමට ශ්‍රී ලංකාව හිතකර ලෙස ස්ථානගත කරන්න යැයි ද ඉල්ලා සිටියාය. BRICS හි අනාගත සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාව බ්‍රසීලයට සුබ පතන අතර BRICS හි අරමුණු සඳහා දායක වීම සඳහා සියලුම සාමාජිකයින් සමඟ දිගටම කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සදහන් කළාය.මෙම සංවිධානයේ සාමාජික රටවල් ලෙස රුසියාව, බ්‍රසීලය,චීනය, ඉන්දියාව,දකුණු අප්‍රිකාව සහ ඉතියෝපියාව කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment