ජනපති ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන මහනාහිමිවරු බැහැදකී

170

කිසිදු කලබලයක් ඇති නොවීම රටට අවශ්‍යව තිබූ ආදර්ශයක්
– ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැපවීමෙන් කටයුතු කළ යුතුයි
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියෝ

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ කියති

ජනපති ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන මහනාහිමිවරු බැහැදකී

අනුර කුමාර දිනායක මහතා ජනපති ධුරයට පත් වීමෙන් පසුව රට තුළ කිසිදු කලබලයක් ඇති නොවීම රටට අවශ්‍යව තිබූ ආදර්ශයක් බවත් ජයග්‍රහණයෙන් පසු රටේ කලබල ඇතිවේ යැයි මතයක් හදන්නට ඇතැමුන් උත්සාහ කළ බවත් මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍යතිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

ජනපති ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන මහනාහිමිවරු බැහැදකී

මෙවන් ජග්‍රහණයක් ලබාදෙන්නට රටේ ජනතාව කටයුතු කළේ විශාල බලාපොරොත්තු තබාගෙන බවත් එම ජනතා බලාපොරොත්තු ඉටුකර දීම සඳහා ඉදිරියේදී කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23දා) පස්වරුවේ මල්වතු මහ විහාරයට ගොස් මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ මෙසේ පැවසූහ.

ජයග්‍රහණයේ සතුට භුක්ති විඳීමේදී පාක්ෂිකයන් කිසිදු පාර්ශ්වයකට හිරිහැර නොකිරීම අගය කළ යුත්තක් බවත්, රටේ සමස්ත ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා කැප වන බවත් ජනාධිපති අනුව කුමාර දිසානායක මහතා මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් හමුවේ ප්‍රකාශ කළේය.
සමන්තී වීරසේකර

දුෂ්කරතා බාධක කම්කටොළු ගැන ලැබූ අවබෝධයෙන් ජනතාව බලාපොරොත්තු රට උදාකරදීමට හැකිවනු ඇත

ජනපති ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන මහනාහිමිවරු බැහැදකී

වරකාගොඩ ඥානරතන අස්ගිරි මහනාහිමියෝ
ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ කියති

ජනාධිපතිවරයා ලෙස පත්වී මේ ලැබූ ජයග්‍රහණය බාධක කම්කටොළු, නැගිටීම් වැටීම් රැසකට මුහුණදී ලබාගත් ජයග්‍රහණයක් බවත්, දුෂ්කරතා බාධක කම්කටොළු සියල්ලම අවබෝධයෙන් කටයුතු කරන ඔබට රටේ ජනතාව බලාපොරොත්තු වන රටක් උදාකර දීමට හැකිවනු ඇතිය යන්න අපගේ විශ්වාසය බවත් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නාහිමියෝ පැවසූහ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රථම වරට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමටත් මහනායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමටත් පැමිණ ආශිර්වාද ලබා ගැනීම ආදර්ශයක් බවද ගුණ ගරුක මනුෂ්‍යත්වය උතුම් කොට සලකන නායකයින් රටට අවශ්‍ය බවත් උන්වහන්සේ පැවසූහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහ විහාර උපෝෂිතාගාරයේදී ඊයේ (23දා) අස්ගිරි මහ නායක හිමි ප්‍රමුඛ අස්ගිරි කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනයෙන් ආශිර්වාද ලබාගත්හ. ඉන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියෝ ජනපති හමුවේ අනුශාසනා කරමින් එසේ කීහ.

සමන්තී වීරසේකර


advertistmentadvertistment