ජනපති සටනින් රනිල් දිනයි

449

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තේරී පත්වය. එහිදී ඒ මහතාට ඡන්ද 134 ලැබුණු අතර ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද ලැබුණේ ඡන්ද 82 කි.ඒ අනුව වැඩි ඡන්ද 49 කින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික විධායක ජනාධිපති ලෙස ඉදිරි වසර දෙක හමාරක කාලය සඳහා ලෙස තේරී පත් විය.අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 03 ක්ලැබුණි.ඡන්දය ප්‍රකාශ කීරීම සඳහා මන්ත්‍රීවරු 223ක් පැමිණි සිටියහ. කේ ජී පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරු පැමිණ නොසිටියහ. ප්‍රතික්ෂේප ඡන්ද ගණන් 04කි.වලංගු ඡන්ද සංඛ්‍යාව 219කි.

advertistmentadvertistment
advertistmentadvertistment