ජනපති 2030 සංවර්ධනය ගැන ලොවට කියයි

218

සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය ජාතික වශයෙන් වැදගත් ඉලක්ක සපුරා ගැනීම සදහා 2030 වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.9 දක්වා මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය බව G20 සමුළුව යළිත් අවධාරණය කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිරසර සංවර්ධන ඉලක්ක 2023 සමුළුවේ සිය දේශනය පවත්වමින් ප්‍රකාශ කළේය.තවද ශුද්ධ ශූන්‍ය විමෝචනය වෙත ළගාවීම සදහා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය භාවිතයට ගැනීම වෙනුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 04ක් අවශ්‍ය වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය සඳහා නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටින ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සමග සාකච්ඡා ද පවත්වා ඇත. ඒ අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID ) පරිපාලක සමන්තා පවර් මහත්මිය, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දමාලා මහතා,මේටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment