ජනපති IMFවෙත යැවූ ලිපිය ගැන පවසයි

142


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා ඇති පරිදි චීන ආනයන අපනයන බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ලිපිය ඊයේ රාත්‍රියේ එවා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එම ලිපිය තමා සහ මහ බැංකු අධිපතිවරයා අත්සන් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යැවූ බවද කීවේය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා ඇති කොන්දේසි ශ්‍රී ලංකා රජය විසින් ඉටුකර ඇති බැවින් ඉදිරියේදී අදාල ණය මුදල ලබාගැනීමට හැකි බව කීවේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරනු ලබන ගිවිසුම අනුමත කළ පසු එය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ඒ අනුව පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධව තීරණයක් ගතහැකි බවද කීවේය. එබැවින් රටෙහි පවතින ආර්ථික අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා විපක්ෂයට ද එක්වන ලෙස ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභාව රැස්වූ පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment