ජනාධිපතිවරණය සෙනසුරාදා

88

ඡන්ද මධ්‍යස්ථාන 13421ක්

ගණන් කරන ස්ථාන 49ක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13421ක දී සිදු කෙරේ.

ඡන්ද විමසීම එදින පෙරවරු 7.00 සිට 4.00 දක්වා සිදු කිරීමටය නියමිතය. පස්වරු 4.00ට සියලු ඡන්ද පොළ නිලධාරීන් හා පක්ෂ නියෝජිතයන් ඉදිරියේ ඡන්ද පෙට්ටි මුද්‍රා තබා ආරක්ෂිතව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට නියමිතය.

ඡන්ද ගණන් කිරීම දිස්ත්‍රික්ක 22 පුරා ස්ථාන 49ක පිහිටු වූ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1274ක දී සිදු කිරීමට නියමිතය. එමෙන්ම තැපැල් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 439ක දී සිදු කිරීමට නියමිතය.

එදින ඡන්ද පෙට්ටි සියල්ල අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත ලැබීමෙන් අනතුරුව පස්වරු 6.00 සිට ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය. මුලින්ම තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment