ජනාධිපතිවරණ සල්ලි ගැන ඇහුවාම මැ.කො.ස. ගොත ගැහුවා – ලක්ෂ්මන් කිරිඇල්ල

110

සිවිල් සමාජයේ බළල් අත් අල්ලා ගෙන ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් තිබෙනවා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8 දා) පැවසීය.

ජනාධිපති විසින් පෙරේදා (07 දා) දින ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය. එහිදී ඔහු මෙසේ ද සඳහන් කළේය.

ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති කතාවේ ජනාධිපතිවරණය ගැන වචනයක්වත් තියෙනවද? සිවිල් සමාජයේ බළල් අත් අල්ලගෙන ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේන්න සැලසුම් කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් අවස්ථාවක් හදන්න ඕනේ, ඒකට කාලයක් ඕනේ, ජනාධිපතිවරණය කල් දාන්න ඕනේ, කියන උත්සාහයක් තියෙනවා. පසුගිය සතියේ මැතිවරණ කොමසාරිස්වරයා සම්මුඛ සාකච්ඡාවක් තිබ්බා. පළාත් පාලන මැතිවරණය තියන්න ගියාම සල්ලි නෑ කිව්වා, කොමිසම මුකුත් කරේ නෑ. ජනාධිපතිවරණය තියන්නත් සල්ලි නෑ කිව්වම කොමිසම මොකද්ද කරන්නේ කියලා ඇහුවා? මැතිවරණ කොමසාරිස්ට උත්තර නෑ. ගොත ගැහුවා. නමුත් මොන ප්‍රශ්න ආවත් ඒකාබද්ධ විපක්ෂ අපි එකට මැතිවරණ ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරනවා කියන එක කියන්න ඕනෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment