පසුගිය සතිය තීරණාත්මක සතියක් විය. රට විවෘත කිරිමෙන් පසුව ජනතාව තරමක් නිදහසේ එළියට පහලියට බහින්නට පටන් ගෙන සිටියහ. එහෙත් ඒ සමගම කොවිඞ් වසංගතයේ පැතිරීම සම්බන්ධයෙන් ද යම් වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා නැවත වරක් ජනතාව පසු වූයේ එක්තරා අන්දමක තැති ගැනීමක යැයි කීවොත් වරදක් නැත.
ඒ කෙසේ වෙතත් වෙනදාට වඩා ආක‍්‍රමණශීලීව හා ආවේගාත්මක ව යම් යම් වෘත්තීය සමිති ක‍්‍රියාත්මකව සේවක පිරිස් පාරට බස්සවමින් උද්ඝෝෂණ ආරම්භ කර තිබීම තුළ රට හමුවේ තවත් අවදානම් සහිත තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව දැකගත හැකි විය. ඒත් සමඟම කරළියට පැමිණ තිබූ කොරෝනා නව ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීම ද යම් වේගවත් බවකින් සමාජය තුළ පැතිර යන බව පෙන්නුම් කළේ පසුගිය දිනවල පැවති කොවිඞ් මර්දනය පිළිබඳ සාකච්ඡාවන්හිදී යම් යම් සංඛ්‍යාලේඛන එළිදරව් වන්නට වීම නිසාය. මේ අතර පසුගිය සති අන්තයේ පැවැති කොවිඞ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමේදී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලින් මේ පිළිබඳ ප‍්‍රශ්න කළේ මෙසේය.
මෙහිදී මුලින්ම ජනාධිපතිවරයා අවධානය යොමු කළේ කොවිඞ් මරණ සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙනි. ඊට පෙර දිනයේ මියගිය අයගේ සංඛ්‍යාව 42 ක් ලෙස වාර්තා වී තිබිණි.
”අපි දැන් බස්නාහිර පළාතේ එන්නත්කරණය 100% ඉවර කරල තියනවා. පිට පළාත්වලත් හොඳින් එන්නත් කිරීම කරනවා. කොවිඞ් පැතිරීම පාලනය වෙලා. ඒත් මරණ සංඛ්‍යාවේ අඩුවක් නැහැ. මොකක්ද හේතුව. හොයලා බලන්න මේ ගැන. වැක්සීන් එක ගත්ත අයත් මැරෙනවා ද කියලා බලන්න.”
”හුඟක්ම මිය ගිහින් තියෙන්නෙ වෙන වෙන රෝග තියෙන වයසක අය. වැක්සීන් එක ගත්ත අයත් නෙවෙයි…”
”ඇත්ත වශයෙන්ම වැක්සීන් එක මේ තරම් වේගයෙන් ජනතාවට දෙන්න අපි තීරණය කළේ මැරෙන ප‍්‍රමාණය අඩු කරගන්න. සමහර අය වැක්සීන් එක ගහන්න අකමැතියි. ගෙවල්වලට ගිහිල්ලා හරි ඒගොල්ලන්ට එන්නත ලබා දෙන්න” ජනාධිපති උපදෙස් දුන්නේය.
”ළඟටම ගිහිල්ල දුන්නත් සමහර අය වැක්සීන් එක මග හරිනවා…” සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය.
”මටත් මතකයි ඔය වගේ සිද්ධියක්. මේ මිරිහාන පැත්තෙ මම දන්න කෙනෙක්ගෙන් මම ඇහුවා වැක්සීන් එක ගත්තද කියලා… එයා එක පාරටම කිව්ව වටේම ඉන්න අය බෙහෙත ගහලා තියෙන හින්ද මං ගහන්න ඕනේ නෑ කියලා… එහෙම මතයකුත් මිනිස්සු අතර තියනවා…” ජනාධිපතිවරයා සිනහවෙමින් කීවේය.
”එන්න බැරි අය ඉන්නව නම් ගෙවල්වලට ගිහිල්ලා ගහන්න පුළුවන් විදිහට මොබයිල් සර්විස් දාන්න…”
මේ අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ එන්නත්කරණයේ ප‍්‍රගතිය පිළිබඳව මහින්දානන්ද හා කෙහෙළිය දිගු විස්තරයක් කරන්නට වූහ.
”ගම්පහට ඊයෙත් අපි 60,000ට ගැහුවා. හෙට තව 80,000 ට ගහන්න ප්ලෑන් කරනවා… තව දවස් දහයක් ඇතුළත ගම්පහ ගහලා ඉවර කරන්නයි අපේ ප්ලෑන් එක..” ප‍්‍රසන්න විස්තර කළේය. ඒත් සමගම රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත‍්‍රික්කයේ තත්ත්වය පැහැදිලි කළේය.
”නුවර පෙරහැර එන්න කලින් මහනුවර එන්නත් ටික ඉවර කළොත් තමයි හොඳ…”
”මේ දවස්වල කතරගමත් පෙරහැර. මොනරාගලට ලැබුණු එන්නත්වලින් කතරගම කවර් කරා නම් ලේසියි.” නාමල් කීවේය.
අපනයන කලාපවල සේවය කරන අයට වයස් සීමාවන් නොතකා එන්නත් ලබා දීම වේගවත් කළ යුතු බව වැඩි දෙනාගේ අදහස වූහ. කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑම ඉතා වැදගත් බව ජනාධිපතිවරයාගේ අදහස විය.
”කර්මාන්තශාලාවල තත්ත්වය දැන් සතුටුදායකයි. 80%ක් විතර අපි දැන් එන්නත් ලබා දීලා ඉවරයි… ස්ටොක් මාකට් එකත් වැඩි වෙනවා.”
එන්නතේ වටිනාකම
නාමල් පැහැදිලි කරලා
”පෙරේදා බැසිල් මහතා එක්ක අපි සාකච්ඡාවක් කළා. අපනයනවලට අපෙන් ඉල්ලූම වැඩිවෙලා. හැබැයි ඒ ප‍්‍රමාණයට නිෂ්පාදන සැපයීම ප‍්‍රශ්නයක්. සමහර පළාත්වල පී. එච්. අයිලා ගිහිල්ලා කර්මාන්තශාලාවක එක ලෙඩෙක් අහුවුණත් මුළු කර්මාන්තශාලාවම වහනවා. නිෂ්පාදන ඇනහිටිනවා. සමහර තැන්වල සේවකයෝ හිඟයි. ගම්වල කට්ටිය එන්න බයයි කර්මාන්තශාලා වැහුවොත් කොළඹ හිර වෙයි කියලා. සමහරුන්ට සංචරණ සීමා නිසා එන්න බෑ. සමහර ගෙවල්වලට දෙන 5000 නැති වෙයි, සමෘද්ධිය නැති වෙයි කියලා සමහරු වැඩට එන්නෙ නෑ… මේ වගේ විවිධ ප‍්‍රශ්න” බන්දුල ගුණවර්ධන මුදල් ඇමැති බැසිල් මහතා සමග කළ සාකච්ඡාවේ දී මතු වූ කරුණු හෙළිදරව් කළේය.
”ඒ අයට එහෙම හිතුමතේ ෆැක්ටරි වහන්න දෙන්න එපා. එහෙම කරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගේ අවසර ගන්න ඕන කියලා රූල් එකක් දාන්න.
මේ අතර නාමල් රාජපක්ෂ කොවිඞ් මර්දන එන්නත විදීමෙන් ලැබෙන ආරක්ෂාව පැහැදිලි කරමින් කරුණු දක්වන්නට විය.
”එංගලන්ත ටුවර් එකේදි එහේ ක‍්‍රීඩකයෝ හත් දෙනකුට හැදුනා. ඒ උනාට අපේ කාටවත් හැදුනේ නෑ. ඒ අපි නිසි වෙලාවේ වැක්සීන් කරපු හින්දා. හැබැයි අපේ කෝච්ට විතරක් හැදුනා… ඒ මොකද එයා ෆයිසර් එක ගහගන්න ඕන කිය කියා මුලදී ලැබුණු වැක්සීන් එක ගැහුවේ නෑ….” නාමල් කීය.
” ඕගොල්ලො පළාත් මට්ටමින් වැක්සීන් එක ගන්න කියලා ජනතාව උනන්දු කරන්න…”
”තරුණ සේවා එක හරහා යෞවන සමාජ ළමයි යොදව ගෙන අපි මහජනතාව උනන්දු කරවීම කරනවා… මම ඒ ගැන බලන්න සභාපති දමිත වික‍්‍රමසිංහට උපදෙස් දුන්නා…”නාමල් කීවේය.
”කෝ මේ ඩොක්ටර් ගුරුගේ ඉන්නවද… මොබයිල් සර්විස් යවලා වැක්සින් එක විදින එක ගැන එයා එක්ස්පර්ට්…”
”ඔව් සර්… ඩෙල්ටා ප‍්‍රභේදය වැඩිපුර ප‍්‍රචලිත වුණ දෙමටගොඩ ‘ආරාමය’ පැත්තේ ඔක්කොම කවර් කරේ මොබයිල් සර්විස් එකකින් තමයි…” දිනූකා ගුරුගේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළාය.
”ඒත් එක්කම ඔයාලා මහජනතාවට කියන්න… දේශීය වත්පිළිවෙත් බෙහෙත් හේත්වල හොඳ ප‍්‍රතිශක්තිකරණයක් තියෙනවා. ඒ පුරුදු අත් හරින්න එපා කියන්න…”
”ආයුර්වේද රෝහල්වල ඉතා හොඳින් ඒ වැඬේ කෙරෙනවා…” සිසිර ජයකොඩි විස්තර කරන විට රමේෂ් පතිරණ මෙසේ කීවේය.
”ආයුර්වේද ක‍්‍රමවල ප‍්‍රතිශක්තිය ඉහළයි. එම රෝහල්වල තවම එක ලෙඩෙක් වත් මේ රෝගයෙන් මැරිල නෑ. ඒ ක‍්‍රමවල ලොකු බලයක් තියෙනවා. අපට ඒක විද්‍යාත්මකව ඔප්පු කරගන්න තමයි ඕන.”
දොස්තර පාදෙණියත් එම අදහස් තහවුරු කරමින් කතා කළේය. ඉන්පසුව කිතුල් පැණි හකුරු කර්මාන්තය ගැන කතාබහක් ඇති විය.
”කිතුල් කර්මාන්තය ගැන අපිත් ලොකු අවධානෙක ඉන්නවා. ඉදිරියේදී තවත් මේ ගැන පරීක්ෂණ කරල දියුණු කරන්න අපට පුළුවන්.” රමේෂ් පතිරණ කීවේය.
”මොඩර්නා එන්නතට ලොකු ඉල්ලූමක් තියනවා. හොඳ වෙලාවට කොළඹට වැක්සීන් ගහලා ඉවර කළේ. එහෙම නැත්නම් මේ දිනවල නුවරට දෙන්නෙ මොඩර්නා නිසා කොළඹ වාහන ඔක්කොම නුවරට ගිහින් තියෙයි” ජනාධිපතිතුමා සිනහවෙමින් කීවේය.
ඔව් සර්… සමහරු දැන් එන්නත් තෝරන්න පටන්. මට ඕන ෆයිසර්, මට ඕන මොඩර්නා කිය කියා දැන් සමහර අය ඉල්ලනවා. මේ අයුරින් එදින කොවිඞ් රැස්වීම එතරම් දුර දිග ගියේ නැත. 11.30 ට පටන්ගෙන 12:30 ට පමණ රැස්වීම අවසන් විය. නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතිය තුළ මැති ඇමැතිවරු හා නිලධාරීන් සමග සාකච්ඡා කරමින් විවිධ සමාජ පන්තීන් හා විවිධ වෘත්තීන් මෙන්ම ව්‍යාපාර නියෝජනය කරන කණ්ඩායම් හමුවෙමින් දුර්වල වී තිබෙන ආර්ථිකය ගොඩනැගීම සඳහා කළ යුත්තේ කුමක්ද කියා අධ්‍යයනයක නිරත වෙමින් සිටියේය. මෙහිදී ඔහුගේ අවධානය යොමු වූ කාරණයක් වූයේ වහාම රටට මුදල් ගලා එන ආදායම් මාර්ග විවෘත කිරීමට මුල්තැන දිය යුතු බවයි. ඒ අනුව සංචාරක කර්මාන්තය හා සංචාරක ක්‍ෂේත‍්‍රය කෙරෙහි ඔහුගේ වැඩි අවධානයක් යොමු වූයේ ය.
මුලින්ම සංචාරක ක්ෂේත‍්‍රයේ නියැළෙන සියලූම දෙනාට කොවිඞ් මර්දන එන්නත් ලබාදීම වේගවත් කර එම ක්ෂේත‍්‍රයේ රැකියා සුරක්ෂිත කර සංචාරක කටයුතු ආරම්භ කිරීමට පියවර ගත යුතු බව ඔහුගේ අදහස විය.
එහි මූලික පියවරක් ලෙස සංචාරක කර්මාන්තය ආශ‍්‍රිත රැකියාවල නියුක්තිකයන්ට කොවිඞ් එන්නත ලබාදීම ඇරඹිණි. මේ වැඩපිළිවෙළ සංචාරක අමාත්‍යවරයාගේ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක කෙරේ. ඒ අනුව ඉකුත් සතිඅන්තයේ ඇල්ල හා සීගිරිය ප‍්‍රදේශවල එන්නත් කරන වැඩ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරු පැමිණියහ. පසුගිය සතියේ ප‍්‍රථම වරට මෙරටට ගෙනා කොවිඞ් වෛරසයට එරෙහිව නිර්මාණය වූ මොඩර්නා ප‍්‍රතිශක්තිකරණ එන්නත එන්නත්කරණය ඇරඹුණේ ද සීගිරියෙනි. සීගිරිය දී ඇමෙරිකන් ජාතික කාන්තාවකට හා ජපන් ජාතික කාන්තාවකට මොඩර්නා එන්නත ලබාදීම විශේෂ සිදුවීමක් විය. මේ කාන්තාවන් ශ‍්‍රී ලාංකිකයින් සමග විවාහ වී මෙරට පදිංචිව සිටින අතර සංචාරක ක්ෂේත‍්‍රයේ රැකියාවල නියුක්ත ව සිටී. ඇමැතිවරු ඉදිරිපිටදීම මෙම කාන්තාවන්ට එන්නත ලබාදීම සිදු වුණි.
එන්නත්කරණයෙන් පසුව ඇමැතිවරු සමග එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකන් ජාතික කාන්තාව කියා සිටියේ ”ශ‍්‍රී ලංකාවේ වැක්සින් ප්‍රෝග‍්‍රෑම් එක ක‍්‍රියාත්මක වන ක‍්‍රමය විශිෂ්ටයි. මම ශ‍්‍රී ලාංකිකයෙක් සමග විවාහ වී සිටිනවා. එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන මුලින්ම අදහස් ඉදිරිපත් වෙනකොට මේ තරම් හොඳට මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙයි කියලා අපි හිතුවේ නෑ. ඇත්තටම ලංකාව කියන්නේ හොඳ රටක්. ලංකාවේ වත්මන් පාලකයෝ මේ ලෝක වසංගතයෙන් තමන්ගේ ජනතාව මුදා ගන්න මූලිකත්වය දීලා තියෙන එක ලෝකෙටම ආදර්ශයක්.” යනුවෙනි.
එන්නත්කරණය නිරීක්ෂණයෙන් පසුව එම ස්ථානයේ මඳ වේලාවක් රැඳී සිටි ප‍්‍රසන්න, නාමල්, ජනක ඇතුළු පිරිස අතර පසුදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව කතාබහක් ඇති විය.
”හෙට තමයි දවස” කියමින් කතාබහට මුල පිරුවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාය.
”ඔව්, අපේ උදය ගම්මන්පිල ඇමැතිතුමාට එරෙහි විශ්වාස භංගයනේ. පොඞ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන් දිනනවා.” නාමල් ඇමැතිවරයා කීය.
”දිනනවා විතරක් නෙමෙයි. තුනෙන් දෙකක බහුතරයකුත් ලැබෙනවා. ආණ්ඩුවේ එකමුතුකම රටට පෙන්නන්නත් මේක හොඳ අවස්ථාවක්” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා ද ඊට පිළිතුරු දුන්නේ ය. මන්ත‍්‍රී දෙදෙනෙක් ගැන
රනිල් හෙළි
කළ රහස
උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන කතා කරන්නට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් තම නිවසට ගෙන්වා ගත්තේ පසුගිය ඉරිදා දිනයේය. ඒ අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා නීති රීති පිළිබඳ දැන උගත්කම් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ කීප දෙනෙක්ද වූහ.
”පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වෙලා තියෙනවා කියමු. ඒක විවාදයට ගන්නා අතරතුර තවත් මන්ත‍්‍රීවරයකුට පුළුවන්ද විශ්වාසභංගයට සංශෝධනයක් ගේන්න.” රනිල් වික‍්‍රමසිංහ යමක් හිතේ තබාගෙන ඒ පිළිබඳ දැන උගත් නීතිඥයින්ගෙන් විමසීමක් කළේය.”
ආණ්ඩුකම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග හා වරප‍්‍රසාද අනුව මන්ත‍්‍රීවරයකුට ඒ වගේ ඉල්ලීමක් කරන්න බැරිකමක් නෑ” ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක් කීවේය.
”නීතියෙන් බාධාවක් නැත්තං අපි සංශෝධනයක් ගෙන ආ යුතුයි… අර මොකද මේගොල්ල වැරදි විදියටයි මේ විශ්වාසභංගය ගෙනත් තියෙන්නේ. ආණ්ඩුවක ඛනිජ තෙල් ඇමැතිවරයාට පුළුවන් ද තනියෙන් තීරණයක් අරගෙන තෙල් මිල අඩු වැඩි කරන්න. ඒක ඒගොල්ල ආණ්ඩුව ඇතුළේ කතාබහ කරලා ගත්ත තීන්දුවක්. ඒකට එල්ල වෙන සමාජ විරෝධය වළක්වන්න තමයි උප්පරවැට්ටියක් පාවිච්චි කරලා ඇමැතිවරයා කෙරෙහි පමණක් ජනතා විරෝධය ගොනු කරන්න පක්ෂයේ ලේකම්වරයා අරවගේ තදබල ප‍්‍රකාශයක් තෙල් ඇමැතිට විරුද්ධව කළේ… සමගි ජන බලවේගය කට්ටියත් ඒ ලණුව කෑවා.”
”ඒක තමයි තෙල් මිල වැඩි කිරීමට ඇමැති විතරක් නෙවෙයි, මුදල් ඇමැතිවරයාත් වගකියන්න ඕන” වජිර අබේවර්ධන කීවේය.
”නෑ නෑ… ඒ විතරක් නෙවෙයි. මුළු ආණ්ඩුවම වගකියන්න ඕන. කැබිනට් මණ්ඩලයම. කාටවත් අත පිහිද ගන්න බෑ. ඒක නිසා මම මේ විශ්වාසභංගය මුළු ආණ්ඩුවට එරෙහිව මාරු කරන්න කියලා සංශෝධනයක් ඉල්ලනවා…” එජාප නායක රනිල් කීවේය.
”කථානායකතුමා ඒ වගේ යෝජනාවක් පිළිගනියිද.”
”ඒක මෙහෙමයි… කථානායක අපේ යෝජනාව
පිළිගන්නවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ විශ්වාසභංගය ගෙන ආපු පාර්ශ්වය මේ යෝජනාව පිළි ගන්නවා ද නැද්ද කියන කාරණාව මතයි…” පාලිත රංගේ බණ්ඩාර තත්ත්වය පැහැදිලි කළේය.
”සමගි ජන බලවේගය වරද්ද ගත්තා කියලා දැන් පැහැදිලි වෙන්නේ මුදල් ඇමැතිගේ ප‍්‍රකාශය අනුවයි. මේ වෙලාවේ අලූත් මුදල් ඇමැතිතුමා උපදෙස් දෙනවලූ මුළු ආණ්ඩුවම උදය ගම්මන්පිලගේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතුයි කියලා. ඒ කියන්නේ ආණ්ඩුව ම ඉන්නේ එක තැනක හිටගෙන. ආණ්ඩුව එහෙම නං ඇයි ඉතින් අපි එක මිනිහෙකුට විතරක් ගහල අත පිහිද ගන්න ලෑස්ති වෙන්නේ” රුවන් විජයවර්ධන තර්ක කළේය.
පක්ෂයේ සැමගේම අනුමැතිය පරිදි පක්ෂ නායකයා උදයට පමණක් ගොනු කරන ලද විශ්වාසභංග යෝජනාව මුළු මහත් ආණ්ඩුවටම සරිලන ලෙස ඉදිරිපත් කරන්නට අවශ්‍ය ලිපි ලේඛන සූදානම් කළේය.
”ඔයගොල්ල දන්නවාද… සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරු දෙන්නෙක් ගැන මගේ ළඟ තියනව රහසක්. මම ඒක හෙට පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනවා.
කවුද ඒ දෙන්න කියලා කියන්න බැරිද…
හොඳයි මං ඉඟියක් කරන්නම්…
රනිල් වික‍්‍රමසිංහ කරපු ඉඟියට අනුව ඒ දෙදෙනා හරින් ප‍්‍රනාන්දු හා රිෂාඞ් බදුර්දින් බව බොහෝ දෙනෙකුට තේරුම් ගියේය.
පසුදා උදෙන්ම පාර්ලිමේන්තුවට ගිය රනිල් වික‍්‍රමසිංහ මුලින්ම සූදානම් වූයේ තමන්ගේ සංශෝධන විශ්වාසභංග පිටපත කථානායකවරයා වෙත භාරදීමට යෑමටය. ඒ අතරතුර ඔහුට මගදී පාර්ලිමේන්තු ලොබියේ කතාබහ කරමින් සිටි ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ හිතවත් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් මුණගැසුණි.
”ඔබතුමාට පුංචි කාරණයක් කියන්න තියනවා… තම පරණ නායකයා ඇමතූ මන්ත‍්‍රීවරයා රනිල්ව මදක් මෙහාට ගෙන්වාගෙන එක්තරා රහසක් කීවේය.
විපක්ෂ නායකයි, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකයි එකතුවෙලා මේ විවාදයේදී ඔබතුමාට පාර්ලිමේන්තුවේ කතාවක්වත් නොදෙන්න තීරණයක් අරන් තියෙනවා කියලා ආරංචියි. පොඞ්ඩක් හොයලා බලන්න.
”මන්ත‍්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තමයි කථානායකයා ඉන්නේ. එයා මේ ප‍්‍රශ්නය විසඳයි…”
රනිල් එම ආරංචිය තුට්ටුවකටවත් මායිම් නොකර පාර්ලිමේන්තුව සම්ප‍්‍රදාය පැහැදිලි කළේ සිය දීර්ඝකාලීන අත්දැකීම් හා පරිණතභාවය මොනවට පෙන්නුම් කරමිනි.
”ඒක ඇත්ත… ඔබතුමා වගේ පරිණත දේශපාලනඥයෙකුට කතාවක් නොදෙන්න ඒගොල්ලන්ට පුළුවන්ද…
එතනින් නික්ම කථානායක කාර්යාලයට ගොස් කථානායකවරයා හමු වී තම අතෙහි වූ සංශෝධිත විශ්වාසභංග පිටපත භාර දුන් එජාප නායකයා පැහැදිලි ඉංග‍්‍රීසියෙන් තම අයිතිවාසිකම් පිළිබඳ ඉල්ලීමක් කළේය.
”ඔබතුමාට මේ පාර්ලිමේන්තුවේ සෑම මන්ත‍්‍රීවරයෙක් ගේම අයිතිවාසිකම් පිළිබඳ වගකීමක් තියෙනවා. මගේ වගකීම තියෙන්නෙත් ඔබතුමා අතේ. මට විවාදයකදී කතාවක් නොදී ඉන්න කවුරුහරි කෙනෙක් උත්සාහ කරනවා නම් එම උත්සාහය වළක්වලා මට අවශ්‍ය කාල වේලාව වෙන් කරලා දෙන්න එක ඔබතුමාගේ වගකීමක්.”
”එහෙම සැලැස්මක් ගැන ආරංචියක් නෑ. හැබැයි පක්ෂයක තනි නියෝජිතයා වුණත් ඔබට අවශ්‍ය කාල වේලාව වෙන් කරල දෙන එක කථානායකවරයාට
ගැටලූවක් නෑ” කථානායක මහින්ද යාපා අබේවර්ධන කීවේය. ඒ අනුව එතනින් නික්ම එජාප නායකයා පාර්ලිමේන්තු සභා ගැබ වෙත ගියේ සැහැල්ලූ මනසකින් යුතුවයි.
විශ්වාසභංගය ගේන්න
සජිත්ගේ පෙර සූදානම
මේ අතර සජිත් පේ‍්‍රමදාස ප‍්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රිවරු පසුගිය සති අන්තයේ වැඩිපුරම අවධානය යොමු කරමින් සිටියේ උදය ගම්මන්පිලට එරෙහිව ගෙන එන විශ්වාසභංගයේ කටයුතු කෙරෙහිය. විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව ලොකු සාකච්ඡාවක් ඇති විය.
”අපට මේ වෙලාවේ මේ විශ්වාසභංගය පිළිබඳ විවාදය ඉතාම වැදගත්. ආණ්ඩුවට එරෙහිව දවසින් දවස මහජන විරෝධය ගොනු වෙන මේ වෙලාවේ මේ වගේ විශ්වාසභංග විවාදයක් ලැබීම විපක්ෂයකට ලොකු ආශිර්වාදයක්. ආණ්ඩුව හැම අතින්ම ෆේල්. නායකයොත් රොත්ත පිටින්ම ෆේල්. කතා කරන්න ඕන තරම් කරුණු තියනවා. අද හැම ක්ෂේත‍්‍රයකම වෘත්තිකයෝ විශ්වාස භංගත්වයට පත්වෙලා පාරට බහින්නයි ලෑස්තිය. ජනතාවට ජීවත් වෙන්න බැරුව බලාගත්ත අත බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ හැම කෙනෙක්ටම කතා කරන්න අලූත් කරුණු තියෙනවා. ඒක නිසා අපි කතිකයෝ වගබලා ගන්න ඕන හැම කෙනෙක්ම විවිධත්වයකින් යුතුව අදහස් ඉදිරිපත් කරන්න. එකම දේ කතා කරන්න ගිහිල්ලා විවාදය හෑල්ලූ කරගන්න එපා. හැම කෙනෙක්ම හොඳම කතාව කරන්නේ මම කියලා හිතාගෙන සඳුදාට පාර්ලිමේන්තු ඇවිල්ල විවාදයට සහභාගී වන්න…”
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ඉතා හොඳ කාලෝචිත අවවාද රැසක් තම කණ්ඩායම වෙත ලබා දුන්නේ එසේය.
”සඳුදා අපි කොහොමද පාර්ලිමේන්තුවට ඇවිත් වැඬේ පටන් ගන්නේ…
”මුලින්ම අපි කරන්නේ විරෝධතා පෙළපාලියකින් පාර්ලිමේන්තුවට එන එකනේ. එතන ඉඳලා අපිට සැලැස්මක් තියනවා. ඒ සැලැස්මට අනුව හැමෝම වැඩ කරමු…’
උදයව බේර ගන්න
සමගි වුණ ආණ්ඩුව
කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය සතිඅන්තයේ ජනපති මැඳුරේ පවත්වනු ලැබීය. පැමිණෙන සෑම මන්ත‍්‍රීවරයෙක් ම ජනාධිපති කාර්ය මණ්ඩලය විසින් ඉතා සාදරයෙන් පිළිගනු ලැබූහ. මුලින්ම ඔවුන්ව කැඳවාගෙන ගියේ විශේෂ තේපැන් සංග‍්‍රහය වෙතය. ඉන්පසුව රැස්වීම් ශාලාවට යන සෑම මන්ත‍්‍රීවරයකුටම විශ්වාස භංගය සහ තවත් කරුණු සහිත ලිපිගොනුවක් ලබා දෙනු ලැබීය.
ජනාධිපති, අගමැති හා මුදල් ඇමැති පැමිණෙන විට හවස 6.45 පමණ වී තිබිණි. ඉන්පසුව රැස්වීමේ වැඩකටයුතු ආරම්භ විය. මුලින්ම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අරමුණ පැහැදිලි කළේය.
”ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ඇමැතිවරයාට ගෙන ආ විශ්වාසභංගය අපි සලකන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයක් විදියට. විශ්වාසභංගය 19 – 20 දෙදින තුළ විවාදයට ගැනෙනවා. විපක්ෂය මේක ගෙනාවේ අපේ කණ්ඩායම ඇතුලේ අසමගියක් වර්ධනය කරන්නට වුණත් මේ වෙච්ච දෙයින් සිද්ධ වුණේ ආණ්ඩු පක්ෂය ඇතුළේ තව තවත් සම්බන්ධතා වර්ධනය වුණ එක විතරයි.”
‘‘එක් අතකින් අපට මේක හොඳ අවස්ථාවක් විපක්ෂය ඇතුලේ වීරයො වගේ කතා කරන සමහර අයගේ අපරාධ එළිකරන්න. ඔතන විසි දෙනෙක් විතරයි ඉන්නවා මහා පරිමාණ අපරාධවලට වගකියන්න ඕන අය. අපි මේක ඒ අයගේ පරණ අපරාධ අලූත් කරලා ජනතාවට මතක් කරන්න යොදාගමු.”
ඉන්පසුව උදය ගම්මන්පිල විසින් ඉන්ධන මිල වැඩි කිරීමේ ඇත්ත කතාව ගැන සියලූම මන්ත‍්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් කළේය. අනතුරුව කතා කරන්නට පටන් ගත්තේ ඩග්ලස් දේවානන්ද ය. එහෙත් ඔහුට පෙර දිනේෂ් ගුණවර්ධන විශේෂ කාරණයක් මතක් කර සිටියේය.
‘‘මට ඉස්සෙල්ලා අමතක උනා. අද තමයි අපේ අලූත් මුදල් ඇමැතිතුමා ආණ්ඩුවේ රාජකාරියකට සහභාගී වන්න මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට ආ මුල්ම දවස. අපි එතුමාට සුබපතලා ම උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කරමු…”
දිනේෂ්ට කතාව අවසන් කරන්නට ලැබුණේ නැත. සභාවෙන් සුවිසල් ප‍්‍රීති ඝෝෂාවක් නැගෙන්නට වූහ. ටික වේලාවකට පසු යළිත් ඩග්ලස් කතා කරමින් ධීවර ජනතාවට සහන සලසන ආකාරය ගැන විස්තරයක් කළේය.
”මුලින්ම කාට හරි මොනවා හරි අදහස් දැක්වීමක් කරන්න ඕන නම් කරන්න කියන්න… ජනාධිපති කීවේය. ඉන්පසුව කතා කරන්නට මුලින්ම නැගිට සිටියේ ජගත් කුමාර මන්ත‍්‍රීවරයාය.
”උදය ගම්මන්පිල ඇමැතිතුමාගේ කතාව පිළිබඳ කිසි විවාදයක් නෑ. නමුත් මමත් වෘත්තිය සමිති නායකයෙක්. මම නිතර හිතන්නේ ජනතාවට සහන දෙන්න ඕන කියලා. හැම පැත්තෙන්ම මිරිකිලා ඉන්න ජනතාවට ඉන්ධන මිල වැඩි කළාම වෙන අපහසුතාව ගැන මතක් කරලයි මම එවෙලේ කතා කළේ. ඉන්ධන මිල වැඩි කරපු එක ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ කියලා මම කිව්වේ වෘත්තීය සමිති නායකයෙක් විදිහට.” ජගත් පරණ ප‍්‍රකාශයක් ගැන කීවේය.
ඉන්පසුව සරත් වීරසේකර කතා කරමින් වෙනත් මාතෘකාවකට ගියේය.
”මහජන ඒකරාශිවීම් නවත්තන්න කියලා උසාවි නියෝගයක් තියෙනවා. ඒකම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමා ඉල්ලලා තියෙනවා. පොලිසිය ගිහින් ඒක උද්ඝෝෂකයන්ට දැන්නුවාම ඒගොල්ලො ගණන් ගන්නේ නෑ. පොලීසියට අපහාස කරනවා. මේ උද්ඝෝෂකයෝ සෞඛ්‍ය නියෝග පිළිපදින්නේ නැත්නම් උසාවි නියෝග ගණන් ගන්නෙ නැත්නම් පොලිසිය කොහොමද වැඩ කරන්නේ කියලා කවුරුහරි මට කියන්න. උස්සගෙන යනවා ඇරෙන්න වෙනත් විකල්පයක් තියෙනවද. මං දැක්කා අපේ පැත්තෙ කට්ටියක් තැන තැන මේක විවේචනය කරල තිබුණා. දැන් මට කියන්න බලන්න පොලිසිය කළ යුතුව තිබුණේ මොකක්ද කියල. කවුරු හරි විකල්පයක් කියන්න.” සරත් වීරසේකර අසා සිටියේය.
”නෑ… පොලිසිය ඒ කරපු වැඩෙන් වෘත්තීය සමිති නායකයෝ විදිහට අපිත් අපහසුතාවයට පත්වුණා…” ජගත් කුමාර කීවේය.
”හරි… කියන්න මොකක්ද පොලිසිය කරන්න ඕන කියලා….’’ ජගත්ට උත්තර නොවීය.
මේ අතර බන්දුල ගුණවර්ධන නැවතත් කතා කරමින් ඉන්ධන මිල වැඩි වීම පැත්තට ගෙන ආවේය.
”මට මතකයි… ඉන්ධන මිල වැඩි කරපු එක ඒ වෙලාවේ නොකර බැරි වැඩක්. ඒක ආණ්ඩුව ගත්ත තීන්දුවක්. තීන්දුව ගන්න වෙලාවේ විෂයභාර ඇමැතිතුමා, ජනාධිපතිතුමා, අගමැතිතුමා, මම, ඩලස් ඇමැතිතුමා, නාමල් ඇමැතිතුමා ආදී ඔක්කොම අය ඉඳගෙන ඒ ගැන සාකච්ඡා කරා. මේ වෙලාවේ සහනයක් දෙන්න තිබුණා නම් කිසිලෙසකත් අපි නොදී ඉන්නෙ නෑ. හැබැයි ඒ වෙලාවෙ අපට වෙන විකල්පයක් නෑ…” බන්දුල ඒ ගැන විශේෂ විග‍්‍රහයක් කරමින් ඉතා පැහැදිලිව එසේ කීවේය.
”2015 අපි මේ ආණ්ඩුව භාර දෙන කොට ආණ්ඩුවේ ණය තිබුණේ ටි‍්‍රලියන 7යි. ඒත් එයාලගෙන් අපි ආණ්ඩුව බාර ගන්න කොට විදේශ ණය ටි‍්‍රලියන 13ක් වෙලා. මේවා එක ගොල්ලක් කරපු දේවල් නෙවෙයි. හැම ආණ්ඩුවක්ම කළේ තමන්ගෙ වියදම් සපුරාගන්න ණය ගත්ත එක.” බන්දුල කරුණු කාරණා සහිතව දිගු විග‍්‍රහයක් කළේය.
”මං මේ වෙලාවේ ලොකු ප‍්‍රශ්නෙකට මුහුණ දෙනවා. උදය ගම්මන්පිල ඇමැතිතුමා වෙනුවෙන් කතා කරන්න හුඟක් අය වෙලාවේ ඉල්ලනවා… අපිට විවාදයට දවස් දෙකයි තියන්නේ…” ජොන්ස්ටන් කීවේය.
”මට විනාඩි හතලිස් පහක් වෙන්වෙලා තියෙනවා. ඒකෙන් විනාඩි දහයක් අරගෙන වෙන කාට හරි දෙන්න…” ගම්මන්පිල කීවේය.
”අපි මේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දෙ දෙන්න තීරණය කරා රජයක් විදිහට. හැමෝම හෙට ඇවිත් ඡන්දෙ දෙන්න…” අගමැති යෝජනා කළේය.
එම කතාබහෙන් පසුව දොලවත්ත මන්ත‍්‍රීවරයා කතා කරමින් දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන් ගැන විශේෂ හෙළිදරව්වක් කළේය.
‘‘දේශපාලන පළිගැනීම්වලට ලක් වෙච්ච පොලිස් නිලධාරින් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ට සාධාරණයක් ඉටු වෙලා නෑ. උදාහරණයක් හැටියට කියනවා නම් තාජුදීන් ඝාතන සිද්ධිය නිසා අගතියට පත් වෙලා අවුරුද් ගාණක් දුක් වින්ද එක් පොලිස් නිලධාරියෙක් ඉන්නවා. දැන් එයා සියලූම නඩුවලින් නිදහස් වෙලා. ඒත් තවම එයාට රස්සාව ලැබිලා නෑ. ඕන්නම් ඒ දවස්වල රාජපක්ෂ කෙනෙකුව පටලවලා එයා සාක්කියක් කිව්වා නම් එයාට ඒ ආණ්ඩුවෙන් විශේෂ වාසි ගන්න තිබුණා. නමුත් ඒ මනුස්සයා එහෙම කළේ නෑ. අදටත් සාධාරණයක් නෑ…’’
මේ වෙලාවේ ජනාධිපතිත් අගමැතිත් මොහොතක් කතා කරමින් සිට ”හෙටම අපි එයාට සාධාරණයක් ඉටු කරනවා” යැයි කීහ. මන්ත‍්‍රීවරු සතුට පළ කළහ.
මේ අතරතුර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන ද කතාබහක් ඇති විය. බොහෝ දෙනකුට මේ ගැන හරි අවබෝධයක් නැති බව පැහැදිලි විය. අපි මේ ගැන කරුණු පැහැදිලි කරගන්න වැඩමුළුවක් තියෙනවා. ජොන්ස්ටන් කීවේය.
මේ වෙලාවේ විශ්වවිද්‍යාල පද්ධතිය හා ජාතික උසස් අධ්‍යාපනය ගැන දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස අරගලවල නියැලී සිටී ගෙවිඳු කුමාරතුංග ප‍්‍රශ්න කිහිපයක් මතු කළේය.
‘‘කොතලාවල විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පනත යටතේ පාලනය කරන්න බෑ. ඒක විතරක් නෙමෙයි. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සාගර විශ්වවිද්‍යාලය වගේ ඒවත් පාලනය කරන්න වෙන වෙනම පනත් තියෙන්නෙ ඒකයි… ජනාධිපති කීවේය.
”ඒකට කමක් නෑ ජනාධිපතිතුමා… පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ගණකාධිකරණ උපාධි දෙන්නෙ නෑනේ. ඒ වගේ ම සාගර විශ්වවිද්‍යාලයෙනුත් එහි අරමුණට පටහැනි උපාධි ලබා දෙන්නෙ නෑනේ. නමුත් ප‍්‍රශ්න මතු වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළින් එහි මූලික අරමුණට පරිබාහිරව අධ්‍යාපන කටයුතු ප‍්‍රසාරණය කරනකොට. මේ දැනට තිබෙන තත්ත්වය තියෙන එක ගැන ප‍්‍රශ්නයක් නැහැ.’’ ගෙවිඳු තර්ක කළේය.
විශ්වවිද්‍යාල අයිතීන් වෙනුවෙන් දිගු කලක් සටන් කළ මහාචාර්යවරයකු ලෙස ආචාර්ය චරිත හේරත් ද මෙහිදී කරුණු දක්වනු ලැබූවේය. අධ්‍යාපන ඇමැතිවරයෙක්ව සිටි සුසිල් පේ‍්‍රම ජයන්ත්ට ද තම අදහස් ඉදිරිපත් කරන්නට මෙය හොඳ අවස්ථාවක් විය. නමුත් වැඩිදෙනෙක් කරුණු කීවේ වත්මන් වැඩපිළිවෙළට එකඟ වන පරිදි ය.
”ලංකාවට මේ වගේ විශ්වවිද්‍යාලයක් උවමනායි. අපේ රටේ තරම්වත් අධ්‍යාපනයෙන් උසස් නැති රටවල්වලට ගිහිල්ලා අපේ ළමයි විශාල වශයෙන් මුදල් වියදම් කරලා ඉගෙන ගන්නවා. බංග්ලාදේශයටත් යනවා. විශාල වශයෙන් මේ නිසා සල්ලි පිටරට යනවා…” අරුන්දික පැහැදිලි කළේය.
ආණ්ඩුව කරන හොඳ වැඩ ගැන හරි තොරතුරු ජනතාව අතරට නොයෑම නිසා මධ්‍යස්ථ මතධාරී පිරිස් ටිකෙන් ටික ආණ්ඩුවෙන් ඈත්ව යන බව පෙන්වා දෙමින් අතුරලියේ රතන හිමියෝ ද කරුණු දැක්වීමක් කළහ. මේ අතරතුර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙනත් කටයුත්තක් සඳහා සභා ගැබෙන් පිටව ගියේය.
ඩොලර් හිඟයක් නැහැ
මේක කුමන්ත‍්‍රණයක්
මේ අතර බොහෝ දෙනෙක් බලා සිටියේ බැසිල් රාජපක්ෂ කතා කරන තුරුය. ඒ අනුව බැසිල් ආර්ථිකය දැන් මුහුණ දී තිබෙන අර්බුදයේ තත්ත්වය ගැන පැහැදිලි කරමින් විශේෂ කතාවක් කළේය.
”ආර්ථිකය ලොකු ඩොලර් අර්බුදයකට මුහුණ දෙනවා කියලා කතාවක් යනවා. මීට පෙර යුද්ධය දවස්වලත් අපි මේ වගේම අර්බුදයකට මුහුණ දුන්නා. ඒත් ඒවත් අපිට නිසි පරිදි කළමනාකරණය කර ගන්න හැකි වුණා. මෙතන අර්බුදයක් නෑ. හැබැයි ඩොලර් කුමන්ත‍්‍රණයක් තියෙනවා. මහබැංකුවේ නිලධාරීන් කිහිපදෙනකුයි පුද්ගලික බැංකුවක නිලධාරියෙකුයි මේ කුමන්ත‍්‍රණයට සම්බන්ධයි. අපි දැන් මේවා ඔක්කොම හොයාගෙන තියෙන්නේ. මෙතන වැඩිපුරම තියෙන්නෙ මවාපෑමක්.”
රටට ආදායම් ලැබෙන සුරාබදු, ආදායම් බදු හා රේගු බදු පසුගිය කාලයේ අවම වීම නිසා රට මූල්‍ය හිඟයකට මුහුණ පා ඇති ආකාරය ගැන පැහැදිලි කළ මුදල් ඇමැතිවරයා එම තත්ත්වයෙන් ගොඩ එන ආකාරය ගැනද කෙටි පැහැදිලි කිරීමක් කළේය. රට තවදුරටත් මේ අයුරින් වසා තබා ගැනීම තුළ දිනෙන් දිනම ආර්ථිකය අවපාතට යන ආකාරය විස්තර කරමින් බැසිල් කීවේ මේ සියලූ ප‍්‍රශ්නවලට විසඳුම ඇත්තේ රට යථා තත්ත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කර ඉදිරියට ගෙන යෑම තුළ බවය. රට ගොඩනැගීමට නම් කළ යුත්තේ සහනාධාර දී ජනතාව නිවාස අඩස්සියේ තැබීම නොව, දිරිදීමනා ලබාදී ඔවුන් රටේ නිෂ්පාදන කටයුතුවලට සහභාගි කරවා ගැනීම බව මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා, මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් විශේෂ භෝජන සංග‍්‍රහයක් ද සූදානම් කර තිබිණි. මන්ත‍්‍රීවරු හා මැති ඇමැතිවරු අතර සුහදත්වය වැඩි කරගැනීම සඳහා නිදහසේ කතාබහ කිරීමට පරිසරයක් ද උදා කර දී තිබිණි.
ඊට අමතරව සිහින් ලෙන්ගතු සංගීතයක් ද ඇසෙන්නට වූයේ නාවික හමුදා සංගීත කණ්ඩායමක් ද ඒ වන විට වැඩ පටන් ගෙන එම රාත‍්‍රිය තව තවත් වර්ණවත් කරන්නට දායක වී තිබූ නිසාය.
සජිත්ගේ විරෝධය
පාර්ලිමේන්තු වටරවුමේ
සජිත් සඳුදා පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක් සංවිධානය කළේය. නිරෝධායන නීතිවලට අනුව මීටරයක දුර තබාගෙන විරෝධතාවය සංවිධානය කළේය.
පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා විරෝධතාකරුවන් විරෝධතා පුවරු තබාගෙන සිටි අතර සජිත් පාර්ලිමේන්තු පිවිසුමේදී විරෝධයට එක්වීමට නියමිතව තිබුණි. ඒ අනුව වාහනය පාර්ලිමේන්තු පිවිසුම දක්වා පැමිණෙමින් තිබෙන අතරවාරයේදී, පාර්ලිමේන්තු වටරවුම අසලදී වාහනය නතර කරන ලෙස දැනුම් දුන්නේය. ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය මැද සජිත් වටරවුම අසලදී වාහනයෙන් බැස විරෝධයට එක්විය.
සජිත් වාහනයෙන් බසිනු දුටු මරික්කාර් මන්ත‍්‍රීවරයා ඔහු අසලට පැමිණියේය. සජිත් මරික්කාර් සමග විරෝධතාකරුවන් අතරට එක්විය. එතැන් සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා පාගමනින් සජිත් පැමිණෙමින් සිටින අතරමගදී අඩි හැත්තෑවක් පමණ දිග බැනරයක් අල්ලාගත් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ඇතුළු මන්ත‍්‍රීවරු සජිත් පෙරටුකරගෙන ඉදිරියට විරෝධය රැගෙන ගියේය. විරෝධතාවය ක‍්‍රමක‍්‍රමයෙන් දහස් ගාණක ජනගඟක් බවට පත්විය. පාර්ලිමේන්තු ප‍්‍රධාන පිවිසුමේ ආරක්ෂක බල ඇණි තර කර තිබුණි.
ඒ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව ආක‍්‍රමණය කරතැයි කියාය. විරෝධතාවය පිවිසුම ඉදිරිපිට නතර කළ අතර සජිත් එහිදී මාධ්‍ය ඇමතුවේය.
”මේ ජනපීඩක ආණ්ඩුවක්. අපි බලමු දේශපේ‍්‍රමී කවුද, දේශද්‍රෝහී කවුද කියලා” සජිත් කීවේය විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබා ගන්න දිනයේ සවස හතර හමාරට පමණ බැසිල් රාජපක්ෂ මහතා සහ ඇමැතිවරු කිහිපදෙනෙක් අතර සාකච්ඡාවක් සභා ගැබට යාබද මන්ත‍්‍රීවරුන්ගේ ආලින්දයේ පැවැත්විණි.
ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ”අපි බොහොම පරිස්සමින් වැඩ ටික මෙහෙයවන්න ඕනේ. හැබැයි මම එක දෙයක් විශ්වාසයෙන් කියන්න ඕනේ. කොවිඞ් ප‍්‍රශ්න තිබුණත් ඔබතුමාලාගේ අමාත්‍යාංශවල සහ දිස්ත‍්‍රික්කවල ඉදිරි වැඩ කටයුතුවලට මුදල් අමාත්‍යාංශයෙන් බාධාවක් නැහැ.” මුදල් අමාත්‍යවරයා කියන විට එදින දවසේ චරිතය බවට පත්ව තිබුණු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එතැනට පැමිණියේය.
”ආ… උදය මොකද කලබලෙන් වගේ” බැසිල් ඇසුවේය.
”කතාව හදා ගන්න පොඞ්ඩක් එළියට ගියා” උදය උත්තර දුන්නේය.
”නෑ නෑ බයවෙන්න දෙයක් නෑ. කතාව නොකළත් තුනෙන් දෙක ලැහැස්තියි” මුදල් ඇමැතිවරයා එසේ කියන විට අවට සිටි පිරිසට නොදැනුවත්වම අත්පොළසන් ගැසිණි. විශ්වාසභංගය විවාදයට ගත් දිනයේ ම ආණ්ඩු පක්ෂයේ කථිකයෝ මහත් උනන්දුවෙන් ඒ සඳහා සහභාගී වූහ. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබල කථිකයින් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, ප‍්‍රසන්න රණතුංග ඉතා සාරවත් වේගවත් කතා ඉදිරිපත් කළහ. සමගි ජන බලවේගය වෙනුවෙන් මරික්කාර්, සජිත්, මුජිබර් රහුමාන් ඇතුළු කථිකයෝ ද ආණ්ඩුවට බරපතළ වූ විවේචන එල්ල කරමින් කතා කළ අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කතා කළ අනුර කුමාර ගේ විශේෂ කතාව ද මෙම විවාදය තුළ කැපී පෙනෙන කරුණු ඇතුළත් කතාවක් විය. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ මේ හැමටම වඩා වෙනස් අලූත්ම ආරකින් යුතුව තම කතාව ඉදිරිපත් කරමින් පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙකේම අවධානය දිනා ගත්තේය. ඔහුගේ කතාව තුළ ඔහු කීවේ මෙබඳු අවස්ථාවක දී පුද්ගලයෙක් තනි කර විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවට වඩා ආණ්ඩුවක් ලක්කර විශ්වාසභංගය ගොනු කළේ නම් මෙය වඩාත් සාර්ථක වන බව ය. විශ්වාසභංග යෝජනාව අවසානයේ පිළිතුරු කතාව කරමින් ඇමැති ගම්මන්පිල විශේෂ ස්තූතියක් පළ කළේය. ඒ ගරුතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින්ට, ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයාටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හා සිය දේශපාලන සගයන්ට ය.
අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 152ක් හා පක්ෂව ඡන්ද 61ක් ලැබිණි. ඒ අනුව ඇමැති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය විය. ඡන්දය අවසන් කර පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේදී ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා දුටු නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ”අනාවැකිය හරි ගියා නේද ඇමතිතුමා’’ යැයි ඇසුවේය. නාමල් අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය පිළිබඳව අවබෝධයක් නොවූ ප‍්‍රසන්න ”මොන අනාවැකිය ද” යැයි විමසුවේය.
”විශ්වාසභංගය තුනෙන් දෙකෙන් දිනනවා කියපු එක” නාමල් කීවේය.
”ආ… මේකෙන් වුණේ කොහොමත් ආණ්ඩුව ශක්තිමත් වන එකයි. අපි අතර මතබේද නෑ. තියෙන්නේ මතවාද විතරයි කියලා මේකෙන් ඔප්පු වුණා.’’ ඇමැති ප‍්‍රසන්න කීවේ සිනාසෙමිනි.
කටුනායක ගුවන්තොටුපළේ පී.සී.ආර්. පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාව කලින් සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරුණු 08ක් සහිත නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණේ පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩලයටය. මේ නිරීක්ෂණ යෝජනාව ඉදිරිපත් කළ ඇමැති ප‍්‍රසන්න රණතුංගට ද ලැබී තිබිණි. ඔහු පසුගිය සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරීක්ෂණ සම්බන්ධයෙන් පෙර සූදානමක් ද ඇතිවය. කැබිනට් පත‍්‍රිකාව සාකච්ඡාවට ගත් විගසම ප‍්‍රසන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරික්ෂණවලට පිළිතුරු දෙන්න පටන් ගත්තේය. එක් එක් කරුණු ගෙනහැර දක්වමින් පිළිතුරු දුන් ප‍්‍රසන්න කීවේ සංචාරකයන් මෙරටට පැමිණීමේදී පී.සී.ආර්. පරීක්ෂණ නිසා සිදුවිය හැකි ප‍්‍රමාදය අවම කිරීම තමන්ගේ අපේක්ෂාව බවය. ප‍්‍රසන්නගේ ප‍්‍රතිචාර දැක්වීම අතරතුර ඊට පිළිතුරු සැපයීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා ද උත්සාහ කළාය. මේ නිසා කැබිනට් මණ්ඩලය තුළ උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය විය.
‘‘ඔය පී.සී.ආර්. පරීක්ෂණාගාරය ගැන සෞඛ්‍ය අංශවල ගැටලූත් සලකා බලන්න ඕනේ.’’ ඇමැතිනී පවිත‍්‍රා ද කීවාය.
”ඔව් මමත් එකඟයි. හැබැයි අපි මේකෙදී බලන්න ඕනේ ක‍්‍රියාත්මක කරන විදිහ මිසක් ක‍්‍රියාත්මක නොකර ඉන්න විදිහ නෙමෙයි. සෞඛ්‍ය අංශයේ සහය ඇතිව සංචාරකයෝ ගෙන්නන වැඬේ හරියට කරන්නයි අපට ඕනේ’’ ප‍්‍රසන්න කීවේය.
උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇමැතිවරු ද කීවේ මෙවැනි වැඩවලට සෞඛ්‍ය අංශය සහය දැක්විය යුතු බවයි.
‘‘ඇයි ඔබතුමා මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ.’’ ජනාධිපතිවරයා ප‍්‍රසන්නගෙන් විමසුවේය.
”මුදල් අමාත්‍යංශයෙන් තමයි මට ඒ උපදේශය ලැබුණේ.”
”මම ඒ ගැන බලන්නම්. සෞඛ්‍ය අංශ එක්ක කතා කරලා ප‍්‍රශ්න විසඳ ගන්න” මුදල් ඇමැති බැසිල් ප‍්‍රසන්නට උපදෙස් දුන්නේය. ඒ අනුව ප‍්‍රසන්න සහ පවිත‍්‍රා අතර වාදය අවසන් වූයේ මේ පිළිබඳව අදාළ සියලූ පාර්ශ්වයන්ගේ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී කැඳවීමට තීරණය කිරීමෙන් පසුවය.
නැවතත් එන බව
ජනපති ඉඟියක් දීලා !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනාගතය දෙස ඉතාමත්ම සංවේදීව සියුම්ව බලන නායකයෙකි. අවස්ථානුකූලව රටේ අවශ්‍යතාවය මත ඉදිරි තීන්දු ගන්නවා විනා කල්තියා සැලසුම් කර අනාගතය සම්බන්ධයෙන් තීන්දු ගැනීම ගැන ඔහුගේ මතවාදය අනෙක් අයගේ දේශපාලන මතවාදවලට වඩා තරමක් වෙනස් විය. මේ නිසා ඊළඟ වතාවෙත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද කියන කාරණාව ගැන ඔහු කිසිවිටකත් විවෘත අදහසක් පළ කරන්නට ඉක්මන් වූයේ නැත.
එහෙත් පසුගියදා පැවැත්වූ ඉතා විශේෂ සාකච්ඡාවක දී ඔහුගේ මුවින් ඒ සම්බන්ධයෙන් අලූත් අදහසක් ප‍්‍රකාශ විය. එය පහුවදා සියලූම ජාතික පුවත්පත්වල ප‍්‍රධාන පුවතක් බවට පත් වන්නට පවා හේතුවක් විය.
‘‘ජනාධිපතිවරයා ලෙස මගේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්න මට අවුරුදු තුනක් නෙමෙයි, තව අවුරුදු 5කුත් ඉතිරිව තිබෙනවා….’’ එය එදින දේශපාලන කරළිය මත කතාබහට ලක් වූ විශේෂ අලූත් කාරණාවක් විය. ජනාධිපතිවරයාගේ මුවෙන් එවන් අදහසක් පිටවූයේ මෙසේය.
පසුගිය සඳුදා (19) ලංකාවේ සියලූම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් සමඟ ජනාධිපතිවරයා විශේෂ හමුවක් පවත්වනු ලැබුවේ ය. සඳුදා දහවල් එම සාකච්ඡාවට පැමිණෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් පුවත්පත් හා මාධ්‍ය හිමිකරුවන්ට දන්වා තිබුණේ දිවා භෝජන සංග‍්‍රහයකට ද සහභාගී වන්නට සූදානම් ව පැමිණෙන ලෙසයි. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා තමන්ට තිබෙන අභියෝග හා තමන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලූ ගැන මාධ්‍යකරුවන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.
රසායනික පොහොර ප‍්‍රශ්නය ගැන කරුණු හෙළිදරව් කරමින් කතා කළ ජනාධිපතිවරයා තමන් කාබනික පොහොර ව්‍යාපෘතියකට රට හුරු කරමින් කාබනික වගාවක් පටන් ගන්නට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි දැයි කියා ඉතා දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළේය.
එම අවස්ථාවේදී ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඞ් කුරේ විශේෂ අදහස් දැක්වීමක් කළේ මෙසේය.
”එදා ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත් අවශ්‍ය වුණා මේ රටේ දේශීය ආර්ථිකයක් ගොඩනගන්න. කාබනික වගාව වගේ දේ පටන් ගන්න එතුමිය උත්සාහ කළා. හැබැයි එතුමියට එදා කාලයක් තිබුණේ නැහැ. හැත්ත හතේ ලැබූ පරාජයෙන් පස්සේ සියල්ල අනිත් පැත්ත ගැහුණා. නමුත් මෙතෙන්දී ඔබතුමාට මේ වැඩපිළිවෙළ සාර්ථකව ක‍්‍රියාත්මක කරන්න තව අවුරුදු තුනක කාලයක් තියෙනවා. රටේ කාබනික පොහොර ව්‍යාපෘතියක් මගින් රට දේශීය ආර්ථිකයකට හුරු කරන්න ඒ කාලය හොඳටම ප‍්‍රමාණවත්… රෙජිනෝල්ඞ් කුරේ එසේ විශේෂ කරුණු දැක්වීමක් කළේය.
මේක මම මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ එළි දක්වපු පොරොන්දුවක්. නමුත් පහුගිය කාලේ රටේ ඇතිවුණු ප‍්‍රශ්න නිසා අපි මේක පස්සට ගත්තා. දැන් තමයි මේ නියම කාලය මේක ක‍්‍රියාත්මක කරන්න.
”ඔබතුමා කිව්වා වගේ මට මේකට අවශ්‍ය තරම් කාලය තියෙනවා. අවුරුදු තුනක් විතරක් නෙවෙයි… තව අවුරුදු 5කුත් මට ඉතුරුවෙලා තියනවා.’’
ජනාධිපතිවරයා විසින් මෙසේ දක්වන ලද අලූත් ප‍්‍රවෘත්තිය එදින දේශපාලන කරළියේ බොහෝ ස්ථරවල කතාබහට ලක්වූ ඉතා විශේෂ කාරණාවක් වූයේ රටේ ඊළඟ නායකයා කවුද කියා ලොකු විචිකිච්ඡාවක් ඇතිව තිබූ මේ දේශපාලන පරිසරයක ය. එම ප‍්‍රශ්නයට ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් ඉතා හොඳ උත්තරයක් ලැබුණි. ඉකුත් බ‍්‍රහස්පතින්දා එජාප නායකයාගේ නිවසේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හා ක‍්‍රියාකාරීන් නායකයා හමුවූවේ පවතින දේශපාලන තත්ත්වය හා පක්ෂ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමටය.
”විශ්වාසභංග යෝජනාවෙන් ඉලක්ක කළ ඇමැතිවරයාට විරුද්ධව කතා කරනවාට වඩා, මේ යෝජනාව ගෙනාපු කණ්ඩායම ගැහුවේ නායකතුමාටනේ.” සංදිත් සමරසිංහ කතාව ආරම්භ කළේය.
”මේක නම් ඉතිහාසගත වාර්තාවක්. යෝජනාවට පක්ෂව ඡන්දේ දුන්න විපක්ෂ මන්ත‍්‍රී කෙනෙකුටම විපක්ෂයේ අය ගහනවා. පුදුම විහිළුවක්.” වජිර කීවේ කනගාටුවෙනි.
”අපේ නායකතුමා එක්ක කතා කරනවා නම් ඒ ගැන ඔවුන්ගේ නායකයාට කියන්න ඕනේ කියලා අලූත් නීතියක් දාලා තිබෙන බව අපෙන් ගිය කෙනෙක් මාත් එක්ක කිව්වා. ඒ නිසා හුඟක් අය පාර්ලිමේන්තුවේදීවත්, ෆෝන් එකෙන්වත් නායකතුමා එක්ක කතා කරන්න බයයි.” රංගේ බණ්ඩාර කීවේ සිනාසෙමිනි.
දේදුන්නේ ගුණය ගැන
බැසිල් කියාදුන් කතාව
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය සතියේ තමන්ට අහම්බෙන් හමුවුණ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් සමග විශේෂ අදහස් හුවමාරුවකට සම්බන්ධ විය. මාධ්‍යවේදීන් මෙහිදී වත්මන් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔබතුමන්ගේ වැඩපිළිවෙළ කුමක්දැයි කියා ප‍්‍රශ්නයක් මතු කළේය.
”මේ රටට මෙහෙම යන්න දෙන්න බෑ… වහාම කෝවිඞ් එන්නතේ ආරක්ෂාව ජනතාවට ලබා දීලා රට විවෘත කරන්න ඕන. ආර්ථිකය හදන එක පුංචි තැනින් පටන් ගන්න ඕන. අපි දන්නවා කුඩා ගම් නියම්ගම් නගරවල වුණත් ඉන්නවා තමන්ගෙ වෙහෙස මහන්සියෙන් හරි හම්බ කරල කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන සුළු ව්‍යාපාර කරන අය. ඉඳිආප්ප ටිකක් තම්බල ගෙනැවිත් පාර්සල් හදලා විකුණන අම්මා කෙනෙක් වුණත් කරන්නේ ව්‍යාපාරයක්. අපි මුලින්ම ඒ වගේ අය ශක්තිමත් කරලා ඔවුන්ගේ ආර්ථිකය ගොඩ ගන්න ඕන. නගරයක සුළු සුළු වෙළෙන්දෝ පදික වෙළෙන්දෝ පුංචි පුංචි ව්‍යාපාරිකයෝ තමන් කරගෙන ආපු සුළු වෙළෙඳාම් හා ව්‍යාපාර කරගන්න බැරුව කඩාවැටිලා. අපි ඒ අයට ප‍්‍රදානයක් දීලා සුළුවෙන් ඒ ව්‍යාපාර කරන්න අත දෙන්න ඕන. එක් පැත්තකින් සුළු ව්‍යාපාරිකයාගේ පටන් ඉහළට යමින් වෙළෙන්දාගේ ගොවියාගේ කම්කරුවාගේ අතමිට ශක්තිමත් කරන අතරම ආර්ථිකය හදන්න ඕන.
දෙවනුව මේ රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන එන මාර්ග ශක්තිමත් කරන්න ඕන. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට ලොකු තැනක් හිමිවෙනවා. සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරනවා වගේම අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරන කර්මාන්ත නංවන්න වගබලා ගන්න ඕන. ඊළඟට තියන ලොකුම ප‍්‍රශ්නේ රාජ්‍ය වියදම් පියවා ගැනීම. අපේ රජයේ ප‍්‍රධාන ආදායම් මාර්ගය තමයි බදු. විශේෂයෙන්ම සුරාබදු, ආනයන බදු වගේ දේවල් පෙර පරිදි ශක්තිමත් කරගන්න ඕන. රාජ්‍ය වියදම අඩු කරන ගමන්ම රාජ්‍ය ආදායම වැඩි කරන්නත් ඕන… මේ දෙකම එකපාර කිරීමයි වැදගත්.
මේ අතර මාධ්‍යවේදියෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ඇති සමගිය ගැන ඇමැතිවරයාගෙන් කරුණු විමසුවේය.
”ඒක තමයි විපක්ෂය වරද්දගත්ත තැන. ඒගොල්ලො බැලූවෙ උදය ගම්මන්පිල විතරක් කොටු කරලා ගහලා බෙදීමක් ඇතිකරලා මේ විවාදයෙන් ලොකු වාසියක් අත්පත් කරගන්න. ඒ වෙනුවට ආණ්ඩුව ඇතුළේ මෙච්චර දවසක් තිබුණ පුංචි පුංචි ප‍්‍රශ්න පවා විසඳුන තැනක් බවට විවාදය පත්වුණා. පක්ෂවලට විවිධ මත තියෙනවා. හැබැයි ඒ පක්ෂ සන්ධානයක් ඇතුලේ එකතු උනාම වැඩ කළ යුත්තේ එකම අරමුණක බව සමගි ජනබලවේගය අමතක කළා. සන්ධානයක් කියන්නේ හරියට දේදුන්නක් වගේ. දේදුන්නේ තියෙන්නෙ එකකට එකක් වෙනස් පාට 7ක්. ඒ පාට වෙන වෙනම ගත්තහම ඇති ලස්සනක් නෑ. හැබැයි දේදුන්න හැඩවෙලා තියෙන්නෙ පාට ඔක්කොම එකට තියෙනකං විතරයි… එතකොට මොනතරම් ලස්සනද. ඒක තේරුම් ගන්න ඕන…”
එකමුතුකමේ වටිනාකම් ලස්සන හා හැඩය එසේ උපමා කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාධ්‍යවේදීන්ට පෙන්නුම් කළේ ජීවිතයටත් හොඳ පාඩමක් උගෙන ගත් හැකි ධර්මතාවකි.
– බුලිත ප‍්‍රදීප් කුමාර