ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ගෙන් නිවේදනයක්

503

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදී කිසිදු ජනමත විචාරණයකට බඳුන් නොවන ලෙස එම ක්‍රියාවලිය සිදු කිරීමට එවක ආණ්ඩුව තීරණය කර තිබූ බව ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ව්‍යවස්ථා සංශෝධනය සකස් රන විට තමා අතින් අතපසුවීමක් සිදුව ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඒ මහතා මෙම නිවේදනය නිකුත් කර ඇත. මුළු කෙටුම්පත් සියල්ලම සිදු කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව බවත් පවසන ඒ මහතා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්දක් දක්වා අඩු කළ මුත් එම ධුර කාලය වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය බැවින් යැයිද ජයම්පති වික්‍රමරත්න මහතා සිය නිවේදනය මගින් සදහන් කරයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව මතක තබා ගතයුතු බවද ඔහු පවසයි.තමා සකස් කළ ව්‍යවස්ථා සංශෝධනය එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ඉන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බවත් පවසන ජයම්පති වික්‍රමරත්න මහතා එහිදී නීතිපතිවරයා කිසිදු සංශෝධනයක් අවශ්‍ය බව ප්‍රකාශ නොකළ බවද සඳහන් කරයි.එවැනි පසුබිමක ජනාධිපතිවරයා තමාගේ අතපසුවීමක් සිදුවූ බව පැවසීම කනගාටුවට කරුණක් බව ද සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.


advertistmentadvertistment