ජනාධිපති බාලදක්ෂයෝ 225ක් සම්මාන ලබති

26

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජනාධිපති බාලදක්ෂ ප්‍රදානෝත්සවය ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණ. බාලදක්ෂයකුට තමන්ගේ ජීවිතයේ ලබාගත හැකි ඉහළම සම්මානය මෙය වෙයි. 2023 වර්ෂයේ දී එම සුදුසුකම් සපිරූ 225 දෙනෙක් මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අභයවර්ධන මහතා අතින් සම්මාන ලැබූහ. ඊට සමගාමීව බාලදක්ෂ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ඉංජිනේරු එෆ්.ජී. ස්ටීවන් මහතාගේ ගුණ සැමරුමක් ද පැවැත්විණ.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මීට එක්වූහ.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත සහය ප්‍රධාන කොමසාරිස් මංජුල සහබන්දු මහතා මෙම වැඩසටහනේ සංවිධායක කොමසාරිස් ලෙස කටයුතු කළේය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස් උපුල් කලංසූරිය මහතා ප්‍රමුඛ දිසා සංගමය මෙම වැඩසටහනේ සත්කාරක දිසාව ලෙස කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment