ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 40ක් අතුරුදන්

547

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර තිබූ වාහන 40 ක් පමණ අතුරුදන්වී ඇතැයි රජයේ ආරංචි මාර්ග ඊයේ (24 දා) අනාවරණය කළේය.

එම කාර්යාලය සතුව විවිධ වර්ගයේ වාහන 749 ක රථ ඇණියක් තිබෙන අතර, එම වාහන වලින් ඉහත ප්‍රමාණය ඇතුරුදන්ව ඇතැයි හෙළිවී ඇත.

එම වාහන වලට සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති බව ද වාර්තා වේ.

යතුරුපැදි 12 ක්, මෝටර් රථ 17 ක්, ඩබල් කැබ් 2 ක්, සිංගල් කැබ් 6 ක් සහ අනෙකුත් වර්ගයන්හි වාහන 3 ක් මෙලෙස අතුරුදන්ව ඇත.

අකිත පෙරේරා


advertistmentadvertistment