බෝපගේ – මුදලිගේ හැම ප්‍රධාන රැලියකම
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජන අරගල සන්ධානය දිස්ත්‍රික් මට්ටමින් ප්‍රධාන ජනරැලි 25ක් සහ ජනහමු පන්සීයක් සංවිධානය කර ඇත.
එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ප්‍රධාන ජනරැලි විසි පහටම සහභාගි වීමට නියමිතය.
වසන්ත මුදලිගේ මහතා ඇතුළු එම සන්ධානයේ විධායක සභිකයින් ද එම ප්‍රධාන ජනරැලි අමතන බව ජන අරගල සන්ධානය කියයි.
ජන අරගල සන්ධානයේ පළමු ජනරැලිය මේ මස 14 වැනිදා ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ දී පැවැත්වෙයි.
අනුරාධ හිරිපිටියගේ