ජන දිවිය උඩුයටිකුරු කළ ධාරානිපාත වැස්ස

87

දින තුනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 17ක ජන ජීවිතය උඩුයටිකුරු කෙරුණි. වර්ෂාවත් සමග සිදු වූ පස්කඳු කඩා වැටීම්, දැඩි සුළං, ගංවතුර, ක්ෂණික ගංවතුර හා ජල ගැලීම් හේතුවෙන් දිස්ත‍්‍රික්ක 17ක, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126ක ජීවත් වන පවුල් 17481කට අයත් පුද්ගලයන් 62247 දෙනෙක් පීඩාවට පත් විය.

 දියේ ගිලීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ අකුණු අනතුරු හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22 ක් බව ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි.

ජන දිවිය උඩුයටිකුරු කළ  ධාරානිපාත වැස්ස

ඒ අනුව බදුල්ල දිස්ත‍්‍රික්කයේ පස්සර ප‍්‍රදේශයේ පුද්ගලයින් 3ක්, ඇල්ල ප‍්‍රදේශයේ 1 කෙනෙක්, මාතලේ රත්තොට ප‍්‍රදේශයේ 1 කෙනෙක්, මුලතිව් දිස්ත‍්‍රික්කයේ තුණුක්කායි ප‍්‍රදේශයේ 1 කෙනෙක්, පුත්තලම ආණමඩුව ප‍්‍රදේශයේ 1 කෙනෙක්, වනාතවිල්ලූව, මහාවැව ප‍්‍රදේශවල 2ක්, කුරුණෑගල පොල්ගහවෙල 1 කෙනෙක්, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ රඹුක්කන ප‍්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක් හා දරුවන් 2ක්, වරකාපොළ ප‍්‍රදේශයේ පුද්ගලයෙක්, ගාල්ල දිස්ත‍්‍රික්කයේ බෝපෙ පෝද්දර පුද්ගලයෙක් මියගොස් ඇත.

ජන දිවිය උඩුයටිකුරු කළ  ධාරානිපාත වැස්ස

නිවාස 960කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 18කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ. අවතැන් වූ පවුල් 1020කට අයත් පුද්ගලයින් 3537 දෙනෙක් ඥාති නිවෙස්වල ද තවත් පවුල් 384කට අයත් පුද්ගලයින් 1498 දෙනෙක් සුරක්ෂිත මධ්‍යස්ථානවල ද සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේ ය. දිස්ත‍්‍රික් ලේකම් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්, ආරක්ෂක අංශ හා ප‍්‍රදේශවාසීන් විසින් එම පිරිස සඳහා අවශ්‍ය ආහාර සහ පහසුකම් සළසන බව ද කොඩිප්පිලි මහතා කීවේ ය.

ජන දිවිය උඩුයටිකුරු කළ  ධාරානිපාත වැස්ස


වැසි, සුළං, ජල ගැලීම්, නාය යාම්, පස් කඳු කඩා වැටීම් ආදියෙන් වැඩිම බලපෑම් සිදුව ඇත්තේ බදුල්ල, නුවරඑළිය, මාතලේ, මහනුවර, මුලතිව්, කොළඹ, ත‍්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, කලූතර, පුත්තලම, අනුරාධපුරය, යාපනය, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල හා කිලිනොච්චිය දිස්ත‍්‍රික්කවලට ය. ඒවායෙහි ජන ජීවිතය දින තුනක් පුරා අඩාල වූ අතර බොහෝ කෘෂි වගාවන් ද ජලයෙන් යට විය.

 ජලාශ රැුසක් ද ජලයෙන් පිරී ඉතිරී වාන් දැමුණි. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක්, දැදුරු ඔය වාන් දොරටු 04ක්, ලක්ෂපාන වාන් දොරටු 1ක්, කුකුළේ ගඟ වාන් දොරටු 2ක්, තබ්බෝව වාන් දොරටු 4ක්, පොල්ගොල්ල වාන් දොරටු 4ක්, කොත්මලේ වාන් දොරටු 3ක්, වික්ටෝරියා වාන් දොරටු 4ක් විවෘත කෙරුණු අතර මහවිලච්චිය, නාච්ච¥ව, නෝර්ට්න්බි‍්‍රජ්, අංගමුව, කුරුවිල, තිසාවැව, අභය වැව පිටාර ගැලීමෙන් පහත් බිම්, මංමාවත්, නිවාස රැුසක් ජලයෙන් යටවිය.

ජන දිවිය උඩුයටිකුරු කළ  ධාරානිපාත වැස්ස



 මහඔය, අත්තනගලූ ඔය, මල්වතු ඔය, කැලණි ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කලා ඔය පිටාර ගැලීමෙන් ද පහත්බිම් රැුසක් ජලයෙන් යට විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාම් දැඩි අවදානම් ප‍්‍රදේශ ලෙස නම් කොට වහාම ජනතාව ඉවත් කළ යුතු බවට කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල, මාවනැල්ල, අරනායක, බුලත්කොහුපිටිය, දෙහි ඕවිට, රඹුක්කන, කෑගල්ල, වරකාපොළ, ගලිගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද මහනුවර දිස්ත‍්‍රික්කයේ හාරිස්පත්තුව, දොළුව, යටිනුවර, උඩපළාත, පස්බාගේ කෝරළය, ගඟවට කෝරළය, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, අලව්ව, නාරම්මල, මාවතගම, පොල්ගහවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට රතු නිවේදන ද, ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, කළුතර දිස්ත‍්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මතුගම, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නාරම්මල, මල්ලවපිටිය, රිදීගම, අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මාතලේ දිස්ත‍්‍රික්කයේ රත්තොට, උකුවෙල, රත්නපුර දිස්ත‍්‍රික්කයේ අයගම, රත්නපුර, ඇහැලියගොඩ, කලවාන, බදුල්ල දිස්ත‍්‍රික්කයේ පස්සර, ඇල්ල, කොළඹ දිස්ත‍්‍රික්කයේ සීතාවක හා පාදුක්ක, මහනුවර දිස්ත‍්‍රික්කයේ පාතදුම්බර, මිනිපේ, මැද දුම්බර, පූජාපිටිය, උඩුදුම්බර, දෙල්තොට, හතරලියද්ද, අකුරණ, පන්විල, කුණ්ඩසාලේ යන ප‍්‍රදේශ ද තවදුරටත් නායයාම් අවදානම් ප‍්‍රදේශ බවත් නිවේදනය කෙරිණි.

 මිලිමීටර් 243ක වර්ෂාපතනයක් යාපනයට ලැබුණේ පසුගිය 09 වැනිදා ය. ඒ එදින දිවයිනේ වැඩි ම වර්ෂාපතනය යි. එදින ම මිලිමීටර් 186.9ක වර්ෂාපතනයක් ත‍්‍රිකුණාමලයට ද මිලිමීටර් 160.9ක වර්ෂාපතනයක් මන්නාරමට ද මිලිමීටර් 154.7ක වර්ෂාපතනයක් අනුරාධපුරයට ද ලැබී තිබුණි. ඊට පසු දින (10වැනිදා* ද යාපනයට මිලිමීටර් 204ක ද මහනුවර, කුරුණෑගල, කෑගල්ල දිස්ත‍්‍රික්කවලට මිලිමීටර් සියය ඉක්ම වූ වැසි ද ලැබී තිබුණි.

 මේ අතර රඹුක්කන ආසන්නයේ දුම්රිය මර්ගයට හානි සිදු වී තිබිණි. උඩරට දුම්රිය මාර්ගයට ද පස් කන්දක් වැටී තිබුණු අතර බදුල්ල මහනුවර අතර දුම්රියක් පීළි පැන තිබුණි. පුත්තලම දුම්රිය මාර්ගයේ ද ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය බංගදෙනිය දුම්රිය ස්ථානයට පමණක් සීමා කෙරිණි.

 මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසූවේ මෙසේ ය.

 ‘‘දිවයිනට ඊසාන දෙසින් ගැඹුරු මුහුදේ ස්ථානගතව ඇති පීඩන අවපාතය 11 වැනිදා සවස් කාලය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට ගමන් කරනවා. ඒ අවස්ථාව වෙද්දි එම පීඩන පද්ධතියේ පහළ කොටස් සමග සුළං ප‍්‍රවාහයන් සහ සම්බන්ධ වීම හේතුවෙන් දිවයින ආශ‍්‍රිතව සුළෙඟ් වේගය විටින් විට ඉහළ යා හැකියි. ඇතැම් අවස්ථාවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යා හැකියි. මේ නිසා ත‍්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීම අවදානම් සහගත යි. අධික වැස්ස ක‍්‍රමයෙන් අඩු වුණත් සවස හා රාත‍්‍රී කාලයේ වැස්ස නොවැම්බර් අග දක්වා අඩු වැඩි වශයෙන් පවතිනවා. එයින් පසුව ඊසාන දිග මෝසම ආරම්භ වෙනවා. ඊසාන දිග මෝසම් කාලයේදීත් අරාබි මුහුද සහ බෙංගාල බොක්ක අතර සුළං ප‍්‍රවාහයන්වල් වෙනස්කම් නිසා විටින් විට පීඩන පද්ධති ඇතිවීමෙන් වැසි, සුළං සමග ආපදාවන් ඇතිවිය හැකියි. මේ ගතවන්නේ දෙවන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වයේ අවසන් සති කිහිපය යි. සාමාන්‍යයෙන් දෙවන අන්තර් මෝසමෙන් දිවයිනට වාර්ෂික වර්ෂාපතනයෙන් 30% ක් පමණ ලැබෙනවා. මෙවැනි පීඩන පද්ධතිවලදී එම වැස්ස ප‍්‍රමාණාත්මක ව වැඩි වෙනවා. ඊසාන දිග මෝසමෙන් 28%ක පමණ වර්ෂාපතනයක් දිවයිනේ ඊසාන කොටසට ලැබෙනවා.” යැයි කරුණානායක මහතා පැවසුවේ ය.

 අපේ රට අනාදිමත් කාලයක පටන් කෘෂිකර්මාන්තයෙන් වැජඹුණු රටකි. එය එසේ වූයේ ස්වාභාවිකව ඒ සඳහා අවශ්‍ය වන්නා වූ ජලය මෝසම් වැසිවලින් ලැබෙන නිසා ය. එහෙත් පසු කාලීනව ජනගහන වර්ධනය හා මිනිස් අවශ්‍යතා පුළුල්වීම මෙකී ස්වාභාවික ජීවන රටාවට තර්ජනයක් වූයේ කුඹුරු ගොඩ කිරීම, කඩොලාන පද්ධති අහිමිවීම, කැලෑ ගිනිතැබීම් හා වන විනාශය හේතුවෙන් පස් සේදී ගොස් ජලාශවල රැුඳීමෙන් ජලාශවල ජලය රඳවාගත හැකි ප‍්‍රමාණ අවම වීම් ආදිය හේතුවෙනි. මේ නිසා මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාවකින් ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් වැසී යන තත්ත්වයක් වර්තමානයේ දැක ගත හැකි වේ. මාස ගණන් නියඟය තිබුණත් එක වැසි රැුල්ලකින් පළාතක් වැසී යන නමුත් යළි දින දෙක තුනක පෑවිල්ලෙන් නියඟයක ගති ලක්ෂණ පහළ වීම පාරිසරික විපත්තියක් බවට වර්තමානයේ පත්ව තිබේ. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවට මෙරට පමණක් නොව ලෝක පරිසර විද්‍යාඥයින් ද අනතුරු අඟවා තිබේ.

 * සටහන – තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment