ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන සංකීර්ණම තොරතුරු රැස්කීරීමේ ක්‍රියාවලිය වන ‘ජන හා නිවාස සංගණනය’ මේ දිනවල ක්‍රියාත්මකව පවතී.
ඒ අනුව මෙම අදියරයේදී පුද්ගලයන් පිළිබඳව තොරතුරු මෙන්ම නිවාසවල තත්ත්වයන් පිළිබඳව ද තොරතුරු රැස් කරනු ලබන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ඩී. ජී. ඒ. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මෙරට සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට පරිගණක තාක්ෂණය භාවිතයෙන් මෙවර සංගණන කාර්ය සිදු කෙරේ.
වසර දහයකට වරක් සිදුකරනු ලබන මෙම තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියට නිවැරදි තොරතුරු ලබාදෙමින් සියලු දෙනා සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ඩී. ජී. ඒ. සෙනෙවිරත්න මහතා පැවසීය.
සුජීව තත්සර