ජපානයට කඩා වැදීමට යන දරුණු කුණුටුවක් නිසා දුම්රිය, ගුවන් ගමන් අත්හිටුවයි

1136

මෙම සිකුරාදා (16දා) ටෝකියෝ නගරය ඇතුළු නැඟෙනහිර ජපානයට හා උතුරුදිග හා දකුණුදිග ජපානයට කඩා වැදීමට නියමිතව ඇති ‘ඇම්පිල්’ නමැති දරුණු නිවර්තන කුණාටුව හේතුවෙන් ජපානයේ ටෝකියෝ නගරයේ සිට නගෝයා දක්වා ධාවනය වන බුලට් දුම්රිය මෙන්ම සෙසු ප්‍රධාන දුම්රිය සේවාවන් ධාවනය කිරීම අත්හිටුවීමට ජපන් දුම්රිය බලධාරීන් විසින් තීරණය කර තිබේ. මේ අනුව එළැඹෙන සිකුරාදා සිට සෙනසුරාදා දහවල් දක්වා බුලට් දුම්රිය හා වෙනත් ප්‍රධාන දුම්රිය බොහොමයක් ධාවනය කිරීම අත්හිටුවීමට තීරණය වී ඇති අතර මෙම සති අන්තයේ වෙනත් දුම්රිය ධාවනය ඇරඹීම ප්‍රමාද වීමට ද ඉඩ ඇති බව ජපන් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මෙම සති අන්තයේ ජපානයේ කාර්යබහුලම සංචාරයන් සිදු වන බොන් නිවාඩු සමය එළැඹෙන බැවින් බුලට් හා සෙසු දුම්රිය සේවාවන් අත්හිටුවීම මගින් විශාල පිරිසක් අසීරුතාවයට පත් වනු ඇතැයි වාර්තාවේ. නිවර්තන කුණාටුවක් වන ‘ඇම්පිල්’ මෙම සිකුරාදා නැඟෙනහිර ජපානයට කඩා වැදීමත් සමගම ටයිෆුනය්ක් බවට පරිවර්තනය වනු ඇති බව ජපන් කාලගුණ විද්‍යාඥයෝ පවසති. පැයකට කිලෝමීටර් 108 සිට 162ක් දක්වා වූ වේගයකින් හමන සුළං සහිත මෙම කුණාටුව හේතුවෙන් හනේඩා සිට නරිටා ගුවන්තොටුපළ දක්වා ධාවනය වන සියලු ගුවන් ගමන් සිකුරාදා දිනයේ අවලංගු කිරීමටත් බොහෝ අධිවේගී මාර්ග වසා දැමීමටත් ජපන් බලධාරීන් විසින් සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment