ජපාන රජයෙන් ජපන් යෙන් මිලියන 284 ක ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.
ජපාන රජයේ ආධාර මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මේ වර්ෂය (2023) වෙනුවෙන් මේ ආධාර මුදල ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ වැඩසටහන සඳහා සම්පූර්ණ අරමුදලම ජපන් රජය විසින් ප්‍රදාන පදනම මත ලබාදෙන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත