ජපානය සිය රට වැසියන්ට නිකුත් කර තිබූ මෙතෙක් දක්නට නොලැබුණු බලවත්ම දැවැන්ත භූමිකම්පාවක් ඉදිරියේදී ඇති වන බව සඳහන් අවදානම් නිවේදනය එරට කාලගුණ විද්‍යා බලධාරීන් විසින් පෙරේදා (15දා) ඉවත් කරගෙන තිබේ.
ඉකුත් සතියේ ජපානයේ “නන්කායි ටරැවුග්” මුහුදුබඩ ප්‍රදේශයේ හටගත් බලවත් කම්පන තත්ත්වයකින් අනතුරුව එම බලවත් භූමිකම්පා නිවේදනය නිකුත් කර තිබිණි. ගත වූ සතියක කාලයේදී කම්පනය වාර්තා වූ අදාළ මුහුදුබඩ ප්‍රදේශයෙන් අසාමාන්‍ය තත්ත්වයක් වාර්තා නොවීම හේතුවෙන් දැවැන්ත භූමිකම්පාවක් ඇති වීමේ අවදානම පහව ගොස් ඇති බවත් ජනතාවට සිය සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යා හැකි බව ජපන් කාලගුණ විද්‍යා බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.