ජපානය ‘මොඩර්නා’ කොරෝනා එන්නත් තොගයක් අත්හිටුවයි

268

කළු පැහැති කැබලි කිහිපයක් එන්නත් දියර කුප්පියක අන්තර්ගතව තිබීම හේතුවෙන් සිය රටට ගෙන ආ ‘මොඩර්නා’ කොරෝනා මර්දන එන්නත් කුප්පි තොගයක් භාවිතයෙන් ඉවත් කිරීමට ජපානය පියවර ගෙන තිබේ. ජපානයේ කනගාවා ප‍්‍රදේශයේ ඖෂධවේදියකු විසින් ‘මොඩර්නා’ එන්නත් කුප්පියක තිබූ කළු පැහැති කැබලි කිහිපයක් දැකීමෙන් අනතුරුව එම එන්නත් කුප්පිය අයත් එන්නත් තොගය භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වන විටත් ප‍්‍රදේශයේ පුද්ගලයන් 3790 දෙනෙකුට එම එන්නත් තොගයෙන් එන්නත් මාත‍්‍රා ලබා දී තිබූ බව අනාවරණය වී තිබේ.

ඉකුත් සතියේ ද කිසියම් සැක කටයුතු ද්‍රව්‍යයක් අන්තර්ගතව තිබීම හේතුවෙන් ජපානය ‘මොඩර්නා’ එන්නත් මාත‍්‍රා මිලියන 1.63ක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. ස්පාඤ්ඤයේ රෝවි නමැති බෙහෙත් සමාගම විසින් බෝතල් කර ඇති මෙම මොඩර්නා එන්නත් කුප්පිවලට බාහිර ද්‍රව්‍යයක් එක් වන්නට ඇත්තේ ස්පාඤ්ඤයේ ඒවා නිෂ්පාදනය කරන අවස්ථාවේදී විය හැකි බව රෝවි සමාගම පවසා තිබේ.


advertistmentadvertistment