ජපුර සරසවි සිසු විරෝධයට කඳුළුගෑස් ජල ප්‍රහාර

25

සිසුහු 2ක් රෝහලේ

නේවාසිකාගාර ගැටලුවලට විසඳුම් ලබාදීම, මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාද කිරීම, ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු ගැටලු කීපයකට විසඳුම් ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සිසුන් දහසකට අධික පිරිසක් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට ඊයේ (27 දා) සවස 5.00 ට පමණ පොලිසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග සෝරත මාවත ප්‍රදේශය පුරා දැඩි උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

මෙහිදී කඳුළුගෑස් ආඝ්‍රාණය වී හුස්ම හිරවූ සිසුන් දෙදෙනකු කළුබෝවිල මහ රෝහලට රැගෙන යෑමට පියවර ගැනිණි.

මෙම උණුසුම් තත්ත්වය හමුවේ මාර්ගයේ ගමන්ගත් බොහෝ පිරිසක් මෙන්ම වෙළෙඳසල්වල ව්‍යාපාරිකයෝ පවා දැඩි අපහසුතාවට පත් වූහ.

සිසුන් විරෝධතා පාගමනින් විශ්වවිද්‍යාලයේ සිට සෝරත මාවත ඔස්සේ විජේරාම හයිලෙවල් මාර්ගය දක්වා ගමන් කරමින් සිටියදී සුනේත්‍රාදේවි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය (පොල්වත්ත පන්සල) අසලදී පොලිසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග උණුසුම් තත්ත්වය ඇතිවිය.

මෙම විරෝධතා පාගමන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment