ජයග්‍රහණය ගැන කියන්න වචන නැහැ – යුපුන් අබේකෝන්

187

ඇත්තටම මේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. අපේ මේ අවුරුද්දේ ප්ලෑන්වලින් එකක් තමයි පොදු රාජය මණ්ඩලීය ෆයිනල් එකක් සෙල්ලම් කරන එක. ඒක මම කළා. ෆයිනල් එක දුවන්න කලින්ම මම දිනලා ඉවරවෙලා තිබුණෙ. මගේ ටීම් එකේ ටාගට් එකට, මගේ ටාගට් එකට මං ඇවිත් හිටියේ. බොහොම සැහැල්ලුවෙන් තමයි මම ෆයිනල් එක දිව්වේ. කෝච් මට කිව්ව දේ තමයි ඔයා දැන් රිලීස්. ඔයාගේ ගෝල් එකට ඔයා ඇවිත් ඉන්නේ. මේක ෆීරී දුවන්න. මං හිතනවා මං ඒක හොඳට කළා කියලා. මේ මගේ ජීවිතයේ මං දුවපු හොඳ රේස් එකක්.

මට ගොඩක් සතුටුයි මේ වගේ ලෙවල් එකකින් මට ලෝකඩ පදක්කමක් ගන්න පුළුවන් වීම ගැන. ගොඩක් කට්ටිය බලන් හිටියා. විශ්වාස කරා මම ජයග්‍රහණය ලබයි කියලා. බොහොම ස්තුතියි එයාලට. මං කරපු දේවල් දන්නේ මමයි මගේ ටීම් එකේ අයයි විතරයි. මං දුවනකල් බලන් හිටපු හැමෝටමයි, ලංකාවටයි මගෙන් පොඩි තෑග්ගක් මේක. මේක මට ලොකු දෙයක්.

මීටර් 100 වගේ තරගයක සෙමි ෆයිනල් දුවනවා කියන්නේ ඉතා අමාරු කාර්යයක්. සෙමි එකට ඇවිල්ලා ඒකත් දිනලා ෆයිනල් එක ගහනවා කියන්නේ විශාල ජයග්‍රහණයක්. ඒක මට කියන්න වචන නැහැ. ලෝකයේ ඉන්න දක්‍ෂ ක්‍රීඩකයෝ මෙතන හිටියා. මේ ජයග්‍රහණය ඉබේ හම්බවුණ දෙයක් නොවෙයි. මේ දක්‍ෂ ක්‍රීඩකයන් සමග තරගක කර ජයග්‍රහණයක් ලැබීම සතුටට කරුණක්. මම මීට පෙර තත්පර 10ට අඩුවෙන් මීටර් 100 දිව්වා. ඒක තමයි මගේ ලොකුම ජයග්‍රහණය.

මම කියපු දේවල් කළා. මට තව කියන්න දේවල් තියෙනවා. මම ක්‍රීඩා ඇමැති සමගත් සාකච්ඡාවක් ඉල්ලලා තියෙන්නෙ. මං ගැන විතරක් නෙවෙයි. මම දිහා බලා ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ටත් රටේ ක්‍රීඩාවේ වෙනස්විය යුතු තැන් තියෙනවා. ඒවා අපි කතා කරලා විසඳා ගන්න බලන්න ඕන.

advertistmentadvertistment
advertistmentadvertistment