තමාට හොඳ තරුණ කණ්ඩායමක් ලැබී තිබෙන බවත් ඕනෑම අභියෝගයක් ජය ගන්නට සූදානමින් සිටින බවත් ඔවුන් දැක්වූ දක්ෂතාවයන් ජයග‍්‍රහණයේ රහස වූ බවත් ශ‍්‍රී ලංකා සීමිත ඕවර කි‍්‍රකට් තරග නායක දසුන් ශානක ප‍්‍රකාශ කළේය.
ඉන්දියාවට එරෙහිව ශ‍්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු පන්දුවාර 20-20 තරගවලි ජයග‍්‍රහණයෙන් පසුව දසුන් ශානක මධ්‍ය හමුවේ එසේ ප‍්‍රකාශ කර සිටියේය. ශ‍්‍රී ලංකාව ඉන්දියාව හමුවේ 2 – 1 ක් ලෙස පන්දුවාර 20-20 තරගාවලිය පෙරේදා (29 දා* ජයග‍්‍රහණය කළ අතර එහිදී දසුන් ශානක මෙසේද පැවසීය.
මට හොඳ තරුණ කණ්ඩායමක් ලැබී තිබෙනවා. එයාලා ඕනෑම අභියෝගයක් භාර ගන්න ලෑස්තියි. නායකයකු ලෙස මම මගේ කාර්ය නිවැරදිව ඉටුකළා කියලා විශ්වාසයි. නායකයකු ලෙස ධනාත්මකව කටයුතු කිරීම වැදගත්. ක‍්‍රීඩකයන් 11 දෙනාගේම උපරිම සහය කණ්ඩායමට ලබාගැනීම නායකයකුගේ හොඳ ලක්ෂණයක්. මං හිතන්නේ මං ඒ දේ කළා කියලා යැයි ද දසුන් ශානක පැවසීය. ඉන්දීය කණ්ඩායමේ නායකයාගෙන් වැදගත් උපදෙස් කිහිපයක් තමන් ඇතුළු කණ්ඩායමට හිමිවූ බවත් ඔවුන් තරගයකට අවතීර්ණ වන ආකාරය ඉතා ධනාත්මක බව ද ශ‍්‍රී ලංකා නායකයා ප‍්‍රකාශ කළේය. තරගාවලියේ වීරයා සහ තරගයේ වීරයා බවට පත්වූ වනිදු හසරංග පිළිබඳව මාධ්‍ය නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් දසුන් ශානක ප‍්‍රකාශ කර සිටියේය.
වනිදු ඉක්මනින්ම දියුණු වුණු ක‍්‍රීඩකයෙක්. ඒ වගේම දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, අවිශ්ක ප‍්‍රනාන්දු අපට ඉන්න නවක දක්ෂ ක‍්‍රීඩකයන්. වනිදු දැනට නොම්බර 02 ඉන්නවා. ඔහු ඉක්මනින් ලොව හොඳම 20 – 20 පන්දු යවන්නා වනු ඇති බවයි.
– කුෂාන් සුබසිංහ
|