ජයන්තිපුර එළුවන් 28 ක් මැරූ මස්වැද්දෝ තිදෙනා රිමාන්ඩ්

97

ලක්ෂ 20 ක් පමණ වටිනා එළිච්චියන් 28 ක් මරා මස් කොට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා සිටි සැකකරුවන් තිදෙනෙකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු එච්. දිනුදු සමරසිංහ මහතා නියෝග කළේය.

රිමාණ්ඩ් කරන ලද්දේ කන්තලේ වාන්ඇල ජයන්තිගම ප්‍රදේශයේ අවුරුදු 35,40,45 යන වයස් කාණ්ඩ වල පුද්ගලයින් ය.

සැකකරුවන් සමග ඔවුන් එළුවන් මැරීමට යොදා

ගන්නා ලද උල් පිහි දෙකක් හා එළුවෙකුගේ හිසක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි ජයන්තිපුර ප්‍රදේශයේ කුඩා කඩයක් හා එළු පට්ටියකින් ජීවිතය රැක ගන්නා සිව් දෙනෙකුගෙන් යුත් පවුලක අයගේ මෙම එළු පට්ටියේ එළුවන් 30 ක් සිට ඇති අතර එයින් දැනට ඉතිරිව ඇත්තේ ඊයේ පෙරේදා ප්‍රසූත කළ කුඩාම එළු පැටව් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු බව අධිකරණයේ දී අනාවරණය විය.

කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද වීරක්කොඩි මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකරගේ උපදෙස් මත අග්බෝපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කන්තලේ ඩබ්.එම්.වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment