ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස වැලි ඇතිරීමේ මංගල්‍යය ලංකා බැංකුවෙන්

169

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වැලි මළුවෙහි සුදුවැලි ඇතිරීමේ මංගල්‍යය ලංකා බැංකුවෙහි අනුග්‍රහයෙන් 40 වන වරටත් පෙරේදා (22දා) උදැසන සිදු කෙරිණි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතනවැටුණුවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරිණි.

අටමස්ථානාධිපති නායක හිමිපාණන් ඇතුළු අටමස්ථාන භාර නායක හිමිපාණන් වහන්සේලා බෝ මළුව වෙත පෙරහැරින් වැඩම කරවීමෙන් අනතුරුව මෙම මහා පිංකම ආරම්භ වූහ. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, ලංකා බැංකුවේ වැඩබලන සභාපති ප්‍රියන්ත රත්නායක, ලංකා බැංකුවේ මහ කළමනාකාර රසල් ෆොන්සේකා, ලංකා බැංකු නියෝජ්‍ය මහ කළමනාකාර පියල් සිල්වා, උතුරු මැද පළාත් මහ කළමනාකාර මහින්ද රත්නායක, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනාරත්න යන මහත්වරුන් සහ ලංකා බැංකුවේ නිලධාරීන් පිරිසක් මෙන්ම සැදැහැවතුන් විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.
නාච්චාදූව – ප්‍රභාත් වනසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment