ජර්මන් මහ මැතිවරණයේදී පාලක පක්ෂ අපේක්ෂකයා පසුබසී

263

ජර්මනියේ ජනප‍්‍රියම චාන්සලර්වරිය වූ ඇන්ජෙලා මර්කල්ගේ වසර 16ක සේවා කාලය අවසන් කරමින් නව චාන්සලර්වරයෙකු තෝරා ගැනීම සඳහා පෙරේදා (25ද) පැවති මහ මැතිවරණයේ නවතම ප‍්‍රතිඵල අනුව මර්කල්ගේ පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට වඩා පසුපසින් සිටින බව වාර්තා විය.

ඉකුත් ජුලි මාසයේදී ජර්මනියට මුහුණ පෑමට සිදු වුණු දරුණු ජල ගැලීම් හේතුවෙන් මෙවර පැවති මහ මැතිවරණයේ ප‍්‍රධානතම මාතෘකාවක් වූයේ දේශගුණික විපර්යාස ගැටලූවයි. කෙසේ වුවද දේශගුණික විපර්යාස ගැටලූව සිය මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේ ප‍්‍රධාන තේමාව කරගත් ‘‘ග‍්‍රීන්” පක්ෂයට වැඩිහිටි ජන්දදායකයන් ආකර්ෂණය කරගැනීමට නොහැකි වී ඇති බව ඊයේ (26) දහවල් වන විට නිකුත් කර තිබු ජන්ද ප‍්‍රතිඵල අනුව පෙනී ගොස් ඇත.
මර්කල්ගේ ‘‘ක‍්‍රිස්ටියන් ඩිමොක‍්‍රටික් යුනියන්” පක්ෂයේ අපේක්ෂකයා වන අර්මින් ලෂේට් ඊයේ දහවල් වන විට නිකුත් කර තිබූ ජන්ද ප‍්‍රතිපලවලට අනුව විරුද්ධ පක්ෂය වන ‘‘සෝෂල් ඩිමොක‍්‍රටික්” පක්ෂයේ අපේක්ෂකයා වූ ඔලෆ් ස්කොල්ස් ට වඩා පිටුපසින් සිටියේය. ජන්ද විමසුමට පෙර ජර්මනියේ සුදුසුකම් ලැබූ මිලියන 60.4ක ජන්ද දායකයන්ගෙන් සියයට 40ක් පවසා ඇත්තේ ඔවුන් ඡන්දය භාවිත කරනුයේ කුමන පාර්ශ්වයටද යන්න අවිනිශ්චිත බවයි.

advertistmentadvertistment