ජර්මනිය යෙදූ අහිතකර සංචාරක මාර්ගෝපදේශ ඉවත්කර ගන්න උත්සාහ කරනවා

89

ජර්මන් විදේශ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අහිතකර ලෙස පනවා ඇති සංචාරක මාර්ගෝපදේශනය ඉවත්කර ගැනීමට උත්සහ කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක මහතා පැවසීය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා අවශ්‍ය පියවර ගැනීමට අපේක්‍ෂා කරන බවද ඊයේ (31දා) කොළඹ සංචාරක මණ්ඩලයේදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රියන්ත රත්නායක මහතා කීවේය.

මේ මාධ්‍ය හමුවට එක්වූ ජර්මන් පර්යේෂණ ආයතනයක ප්‍රධානියකු වන ආචාර්ය ඩිට්මාර් ඩොයිරන් මහතා ප්‍රකාශ කළේ වැරදි තොරතුරු මත පදනම්ව ජර්මන් විදේශ අමාත්‍යාංශය එම සංචාරක මාර්ගෝපදේශනය නිකුත්කර ඇති බවය. ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හෝ ඒවායේ සැපයුමේ හිඟයක් නොපවතින බව ද ඔහු කීවේය. ශ්‍රී ලංකාවට ඉදිරි වර්ෂ කිහිපයක කාලය තුළ මිලියන 9ක පමණ සංචාරක පිරිසක් ආකර්ෂණය කර ගත හැකි බව ද එසේ වුවහොත් ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ විදේශ ණය හිමියන් වෙත යෑමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment