වාරිමාර්ගය කියයි
දිස්ත්‍රික්ක 13ක පවතින වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73ක් සහ මධ්‍ය පරිමාණ වැව් 171ක් සියයට 79කින් පිරීගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ජලාශ 31ක් වාන් දැමීමටත්, ජලාශ 40 ක ජල ධාරිතාව සියයට අනූවත් සියයත් (90% – 100%) අතර ද ජලාශ 21ක ජල ධාරිතාව සියයට හැත්තෑවත් සියයට අනූවත් (70% – 90%) අතර ද පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
අම්පාරේ 09ක්, අනුරාධපුර 10ක්, බදුල්ල 07ක්, මඩකලපුව 04ක්, හම්බන්තොට 10ක්, මොනරාගල 03ක්, පොළොන්නරුව 04ක්, පුත්තලම 02ක්, ත්‍රිකුණාමලය 05ක් සහ මන්නාරම 04ක් ආදී ලෙසින් ප්‍රධාන ජලාශ 73 පවතින බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එම්.ඩබ්ලිව්. රත්නසිරි මහතා පවසයි.
ගාල්ල නිල්වලා ගඟට අයත් කැකනදුර සහ ඇල්ලවෙල ජලාශ පමණක් සියයට සියයක් (100%) පිරී ගොස් ඇති බවද ඒ මහතා තවදුරටත් කියා සිටී.
චමින්ද සිල්වා