විදුලි ගාස්තු අඩුකිරීම සහ ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය මිල අඩුවීම මත ජල ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැර ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තුව සියයට 07කින් අඩු කිරී්මට යෝජනා කර තිබේ.රජයේ රෝහල් සඳහා සියයට 4.5ක් ද පාසල් සහ පුණ්‍ය ආයතන සඳහා 6.3කින් ද අඩු කිරීමට යෝජනා කර ඇත. මේ අනුව සමස්ත ජල ගාස්තු අඩු කිරීම සියයට 5.94කි.ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා විසින් අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.