මෙරට වාර්ෂික ජල පරිහරණය ඝන මීටර් බිලියන 13ක් බව පර්යේෂණයකින් හෙළිවී ඇත. ඉන් සියයට 87ක් කෘෂි කර්මාන්තය සඳහාත් සියයට 6 බැගින් කාර්මික අංශය සහ පානීය ජල සැපයුම සඳහාත් වැය කෙරෙන බව සඳහන් වෙයි.
අමාත්‍යාංශ කීපයක් ඒකාබද්ධව සිදු කළ පර්යේෂණයකින් වාර්ෂිකව ඝන මීටර් බිලියන 130 ට ආසන්න ජල ප්‍රමාණයක් වර්ෂාවෙන් ලැබෙන බව තහවුරු කරගෙන ඇත. ජල උල්පත් 3540ක් පමණ දිවයින පුරා පැතිරී තිබෙන බව හඳුනාගෙන තිබෙන අතර ග්‍රාමීය ගෘහස්ථ ජල පරිභෝජනයෙන් සියයට 80ක් ළිං සහ නළ ළිං මගින් සපයා ගන්නා බව හඳුනාගෙන ඇත.
එම පර්යේෂණයට අනුව මෙරට මුළු වගා බිම් ප්‍රමාණයෙන් සියයට 34ක් වී වගා කෙරේ. වී වගාව සඳහා වැඩි ජල ප්‍රමාණයක් භාවිතයට ගැනෙන බවත් අතිරේක ආහාර භෝග වගාව සඳහා යම් ප්‍රතිශතයක් ජලය වැය කෙරෙන බවත් හඳුනාගෙන ඇත.
නිමල් ගුණතිලක